රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව තිබේ.
අඛණ්ඩව වසර 10ක කාලයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙවර තරඟ නොකිරීම විශේෂත්වයකි.
උප සභාපතිවරු ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහත්වරු පත් වූහ.
ලේකම් ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පත් වූ අතර උප ලේකම්වරු වෛද්‍ය කාංචන බුලන්කුලම, වෛද්‍ය අජන්ත රාජකරුණා, වෛද්‍ය පාලිත රාජපක්ෂ, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස යන මහත්වරු පත් වූහ.
භාණ්ඩාගාරික ලෙස වෛද්‍ය කමල් කොඩිකාර මහතා තේරී පත්විය.
සංස්කාරක ලෙස වෛද්‍ය චන්දන ධර්මරත්න සහ උප සංස්කාරක ලෙස වෛද්‍ය චමිල් විජේසිංහ මහත්වරු පත් වූහ.