සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ජලාශයේ 03 ඇල දියබෙදුම ප්‍රදේශයේ දියනාමින් සිටි තරුණයෙක් ඊයේ (14දා) සවස දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව පොතුවිල්පාර 16 කණුව අසල පදිංචි එච්.එම් භානුක උදිත් ප්‍රියදර්ශන (22) නැමති තරුණයෙකි.
හෙතෙම තවත් කිහිපදෙනෙකු සමඟ දියනාමින් සිටියදී ඇලේ දියපහරට ගසාගෙන ගොස් ඇත. පසුව ඔහුව ගොඩට ගෙන සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත්කරන විටත් මියගොස් සිටි බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති රවීන්ද්‍ර හේරත් මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක