saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5781 hours ago

LATEST

මහරගම නගර සභාවේ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය කැඳවයි

calendar_today 2022 පෙබ 17 - 14:41 remove_red_eye - 660  

මහරගම නගර සභා පරිශ්‍රයට අද (17දා) උදෑසන ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ විරෝධතාවයක් පවත්වා පසුව ඔවුන් මාසික මහා සභාව පැවති සභා ගැබ තුළට ඇතුළු වීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය කැඳවීමට මහරගම නගර සභාවේ ලේකම් වරයා පියවර ගෙන තිබුණි.

“වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින්ම අගයනවා. රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්න”.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන 33 හැවිරිදි පුද්ගලයෙකු නයිවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ගණේමුල්ලේ සංජීව නැමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන මෙම පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ එම නිවසෙහි තිබී ජංගම දුරකතන 10ක්, හෙරොයින් ග්‍රෑම් 7ක්, ලැප්ටොප් පරිගණකයක්, බැංකු ගිණුම් පොතක් සහ මුදලින් රුපියල් පන්ලක්ෂ අසූතුන් දහසක් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම් පොල භූමියේ වු විශාල වළවල් වල වර්ෂාධික දින වලදි මඬ ජලය පිරුණු ඉතා අප්‍රසන්න ස්ථානයක් ලෙසත් වැසි රහිත දින වල දි දුවිලි වලින් පිරුණු ස්ථානයක් බවට පත් වීමත් නිසා මගී ජනතාව හා රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

Read More

2022.02.22 සිට 2022.02.25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට 2022.02.17 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කළ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

තනිව ජීවත් විය නොහැකි තත්වයේ පසුවන දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට ලක්ව සිටියදී පුත්තලම ප්‍රදේශයේදී මුදා ගැණුන බව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය පවසයි.

Read More

සොරා ගත් යතුරුපැදි වලින් ගොස් වෙළඳසැල් බිඳ දේපල සොරා ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

Read More

මාසික විදුලි බිල්පත් නියමිත වේලාවට ගෙවීමට කටයුතු නොකරන පාරිභෝගිකයින්ගේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

Read More

යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට එරෙහිව විශ්වවිද්‍යාලයේ ගෙට්ටු අගුලු දමමින් විරෝධතාවක් අද (17දා) උදෑසන දියත් කිරීම හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා එල්ල විය.

Read More

මිනිපේ මහ ගොවි ජනපදයේ දෙවන අදියරේ වගා කල හැකි ගොඩ ඉඩම් සදහා ජලය සැපයීමේ විධීමත් වැඩපිළීවෙලක් මෙතෙක් සකස් කර නැතැයි ගොවීහු පවසති. ප්‍රදේශයේ වාරි පද්ධති සකස් කිරිමේ දි කිනම් හෝ හේතුවක් මත ජනපදයේ වගා කළ හැකි ගොඩ ඉඩම් සදහා ජලය ලබාදිමට ක්‍රමවේදයක් සකස් නොකිරිම මෙම තත්වයට හේතුව බවද ඔවුහු පෙන්වා දෙති.

Read More

කම පුද්ගලික ෆේස්බුක් ගිණුම දින කිහිපයක සිට තමන්ට භාවිත කිරීමට නොහැකි ලෙස පැවති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කෙසේ වෙතත් තමන්ට නැවත ගිණුම ලැබී ඇති බවත් ඔහු පවසයි.

Read More

මේ වන විට වෙළඳපොළ තුළ ඇමෙරිකානු ඩොලරයක ඇත්ත වටිනාකම රුපියල් 250ක් බවට පත්ව ඇති බවත් මේ ආකාරයෙන් තවදුටත් කටයුතු කළ හොත් වසර අවසාන වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 300ක් දක්වා ඉහළ යෑමට හැකි බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

පොල්ගහවෙල ඉහළගම උදාගම්මානයේ තරුණ සංවිධානයක පිරිසක් විසින් පොල්ගහවෙල බැලුම්ගල කන්ද පර්වත බෑවුමේ ඊයේ (16දා) නවම් පොහෝදින බෞද්ධ කොඩියක් සිතුවම් කිරිම සිදු කෙරිණි.

Read More

විදෙස්ගත වන පුද්ගලයන්ට අවශ්‍ය නම් ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොවිඩ් එන්නතේ සිවු වැනි මාත්‍රාවක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මෙරට ළදරුවන් සඳහා භාවිත කරන ඇතැම් කිරි බෝතල් සහ ආහාර බඳුන්වල (ෆීඩින් කප්) බිස්ෆීනෝල් A විෂ රසායනික අඩංගු බවට තහවුරු වී තිබෙනබව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

රට පුරා ඇති කැණීම් ස්ථාන විදිමත් පරිදි පුනරුත්ථාපනය නොකිරීම සම්බන්ධව තමන්ට සතියක් තුළ විමර්ශණාත්මක වාර්තාවක් සපයන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට හා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබිනි.

Read More

CDC නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සිටින, මව්කිරි දෙන, දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන, හෝ අනාගතයේදී ගැබ් ගැනීමට හැකි කාන්තාවන්ට එන්නත් ලබාගෙන කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටින ලෙසයි.

Read More

සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජන ප්‍රිය නළු රංජන් රාමනායක මහතා වැලිකඩ බණ්ධනාගාරය තුළ සුවසේ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා බදුල්ලේදී අද (16) දා පැවසීය

Read More

ඉහළ එන්නත් අනුපාතය සමග බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද වේගවත් වී ඇති පසුබිමක මේ ආකාරයෙන් සීමා ලිහිල් කරන බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කෝවිඩ්-19 වැලඳුණු පුද්ගලයෙකුට ලිංගික ගැටලු ඇතිවීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත්,කෝවිඩ් එන්නත ලබා ගැනීම තුළ ලිංගික බෙලහීනතා ඇතිවන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැතැයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

මෙසේ සීමාවන් ලිහිල් කළද, ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් පෙබරවාරි මස මුලදී හඳුන්වා දුන් එන්නත් විධානයට ඇලී සිටින බවයි. මේ යටතේ ඔස්ට්‍රියාවේ සියලුම වැඩිහිටියන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීම අනිවාර්ය කරයි.

Read More

මේ වසරේ සංචාරක ගමනාන්ත ගම්මාන 25 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. සෞභාග්‍යයා ගම්මාන ව්‍යාපෘතියේ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ එක් සංචාරක ගමනාන්ත ගම්මානයක් සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 100 කි.

Read More

සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන මගින් විශාල හානියක් සහ වාහන වීදිවල පාවෙමින් තිබෙනු දැකිය හැකි විය.

Read More

යහපාලන කාලය තුළ මිලදි ගත් ඇතැම් දුම්රිය මැදිරි සහ එන්ජින්වල දෝෂ ඇති බවත් එම දෝෂ සකසා කඩිනමින් ධාවනය සඳහා යොදවන බවත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

Read More

ස්විට්සර්ලන්තය තුළද එන්නත්කරණය වේගවත් කිරීම සහ බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගැනීමද මෙම නව තීරණයට හේතු වී තිබේ.

Read More

ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව හෙළි කරන පුද්ගලයන් බිය ගැන්වීමේ නීච වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

එක්සත් ජනපදයේ ඒඩ්ස් රෝගියෙන් පෙලුණ කාන්තාවක් එයින් සුවය ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ පළමු කාන්තාව මෙන්ම ලෝකයේ තෙවැනි පුද්ගලයා වන්නේ ඇයයි.

Read More

මෙරට මාධ්‍ය නිදහස උල්ලංඝනය වීම සම්බන්ධවලබන මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී බරපතළ ලෙස සාකච්ඡා විය හැකි බවත් එය ඉතාමත් අහිතකර ලෙස රටට බලපෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

Read More

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය කර ගැනීම සඳහා සී.සී.ටී.වි. කැමරා සියයකට අධික සංඛ්‍යාවක දර්ශන පරික්ෂා කළ ද වැදගත් තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Read More

සුබවාදී හිතන සමාජයක් ගොඩනැගිය යුතුයි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළත් මිනිසුන් හැදෙන්නේ නැත්නම් ඇති වැඩක් නැහැ. බිඳ වැටිච්ච සමාජයක් තුළ රටක් ගොඩ නැගීම ඵලක් නැහැ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.