saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6191 hours ago

LATEST

LTTE ප්‍රහාරය පිළිබඳ වාර්තාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

calendar_today 2022 මැයි 15 - 11:53 remove_red_eye - 1234  

LTTE ත්‍රස්තවාදී සංවිධානය විසින් මැයි මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ The Hindu පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කර තිබේ.

පුරා මාස 06 ක කාලයක් තිස්සේ පැවති ශ්‍රීපාද වන්දනා (2021/2022) සමය වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් (16) සිරිත් පරිදි නිමාවට පත් වේ.ඉකුත් වසරේ (2021) උඳුවප් (දෙසැම්බර්) පුන් පෝය දිනයෙන් ආරම්භ වූ වන්දනා සමය මෙසේ නිමාවට පත්වීමට නියමිතය.

Read More

අනුරාධපුර නගරයේ පිහිටි හිටපු ඇමතිවරුන් සිව් දෙනකුගේ නිවාසවලට සහ අනුරාධපුර නගරාධිපති, ඇතුළු නාගරික මන්ත්‍රීනියකගේ නිවාස වලට පහරදී අලාභ හානි සිදු කර, ගිනි තබා අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට චීවරධාරියෙකු, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් 22 ක් අද (15 දා) උදෑසන වන විට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

(VIDEO) ඔව් ඉතින් අම්මා තාත්තගේ සොහොන ආරක්ෂා කරන්න බැරිනම් අපිව ආරක්ෂා කරයිද? තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් තියෙන සොහොන ඒ රටේ ඒ වෙලාවේ ආණ්ඩු බලය තියෙන වෙලාවක තමන් දුන් උපදෙස් අහන්නේ නැත්නම් තමන් තවදුරටත් තමන් ගැන හොයන්නේ නැතිව අනුන්ට චෝදනා කරලා වැඩක් නෑ.

Read More

හිටපු අමාත්‍යවරුන් වන චන්න ජයසුමන හා රමේෂ් පතිරණ යන අය මෙහෙදී පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබේ. මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යුද හමුදාපතිවරයාට හා පොලිස්පතිවරායට ඉවත් වන ලෙස සඳහන් කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සභානායක ලෙස හිටපු සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යළි පත්කිරීමටත්, ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස හිටපු සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කිරීමටත් කටයුතු කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් ක්වීන්ස්ලන්තයේදී ​සිදුවූ රිය අනතුරකින් මිය ගොස් තිබේ. ඔහුගේ මරණය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබේ. ඇන්ඩෲ සයිමන්ඩ්ස් මෙසේ අවාසනාවන්ත ලෙස මිය යන විට 46 වැනි වියේ පසුවිය.

Read More

ආර්ථිකය දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි සති කිහිපය අමාරුම කාලයක් බවත් මිත්‍ර රටවල් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More

සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ, සියලු පව් නොකිරීමත්, කුසල් දහම් දියුණු කර ගැනීමත්, සිත පිරිසිදු කිරීමත් බව සිහිපත් කරන එක්සත් ජාතීන්, වත්මන් අභියෝග ජයගත හැකිවන්නේද දයාවෙන් සහ යහපත් චේතනාවෙන් පමණක් බව ශ්‍රී ලංකා වාසීන්ට වැඩිදුරටත් සිහිපත් කර සිටියි.

Read More

බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන ලොව පුරා බෞද්ධයන් උතුම් ලෙස සලකන වෙසක් පුන් පොහෝ දින අදට (15දාට) යෙදී තිබේ.

Read More

වයඹදිග චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ, චීනයේ විශාලතම කාන්තාරය වන තක්ලිමාකන් මධ්‍යයේ නව අධිවේගී මාර්ගයක් ඉදිවෙමින් පවතී.

Read More

යළිත් මුදල් අමාත්‍යධුරයේ රාජකාරී ආරම්භ කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොවපුරා මිනිසුන් ජීවිතක්ෂයට පත්වූවා පමණක් නොව, ඒ නිසා සිදුවූ අතුරුඵලද සුළුපටු නොවෙයි.

Read More

එළැඹෙන 17 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායකධුරය සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය නියෝජ්‍ය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය යෝජනා කර තිබේ.

Read More

ඔහු ප්‍රහාරයට සූදානම් ඇඳුම්වලින් සැරසී, ප්‍රහාරය සිදු කිරීම සඳහා පැය කිහිපයක් බෆලෝ වෙත ගමන් කර ඇති බවත්, ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ එය සජීවීව විකාශය කර ඇති බවත් කියයි.

Read More

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඇමතිකම් ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවකට එක්වෙන බවට අසත්‍ය ප්‍රචාර පළකරන බවත් තම මන්ත්‍රීවරු එවැනි පාවාදීමක් සිදු නොකරන බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් කලීෆා බින් සයීඩ් අල් නහියන්ගේ අභාවයට ශෝකය පළ කිරීමට සහ පාලක පවුලට තම සහයෝගය ප්‍රදර්ශනය කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

Read More

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් සිව්දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් (14) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඊජිප්තු ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් පස් දෙනෙකු මරා දැමූ ප්‍රහාරයේ වගකීම ISIS විසින් භාරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලියා චුංග් මහත්මිය හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරාල මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට මුලින්ම මාධ්‍ය වෙත තොරතුරු ලබාදුන්නේ කවුදැයි යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට යොමුකළ ලිපියට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා පවසන්නේ තමන් එකඟ වන්නේ බහු පක්ෂ ආණ්ඩුවකට පමණක් බවයි.

Read More

පක්ෂ දේශපාලනය පසෙකලා මේ මෙහොතේ ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න විසඳීමට නව රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට ආරාධනා කර තිබේ.

Read More

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගගේ ජල මට්ටම වැඩිවෙමින් පවතින අතර රත්නපුර නගරයේ පහත් බ්ම් රැසක් ජලයෙන් යටව තිබේ. කළු ගඟේ ජල මට්ටම් අද පස්වරු තුන පමණ වන විට සුළු ගංවතුර තත්ත්වය ඉක්මවා ගොස් තිබුණි.

Read More

විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, -දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් සභා හා පළාත් පාලන නාගරික සංවර්ධන හා නිවාස - රසන්න රණතුංග මහතා විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර මහතා

Read More

ශ්‍රී ලංකාව මේ වන විට වසර 200ක් 300ක් තුළ මුහුණ දෙන ආර්ථික අර්බුදයට ‌මුහුණ දෙන බවත් ශ්‍රි ලංකාව සතුව විදේශ විනිමය හෝ රුපියල් නොමැති බවත් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන රජයේ අමාත්‍යධුර ලබාගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ මෙන්ම ආණ්ඩුවේ සිට ස්වාධින වූ කණ්ඩායම් අකමැත්ත ප්‍රකාශ කර තිබේ.

Read More

රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා දිනයේදී ජනතාව වෙත ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

Read More

හයිලෙවල් මාර්ගය නාවින්නෙන් වසා දමා ජනතාව විරෝධයක නිරත වෙයි. ගෘහස්ත ගෑස් ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව දක්වයි.

Read More

ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහා ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු අපනයනය තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.