ජනපතිගේ ඉල්ලිම සබ්රි ප්‍රතික්ෂේප කරයි
යළිත් මුදල් අමාත්‍යධුරයේ රාජකාරී ආරම්භ කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
තම පවුලේ උදවියගෙන් එල්ල වන බලපෑම අනුව තමන් මෙම තිරණය ගත් ජනපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අලි සබ්රි මහතා පවසා ඇති බව වාර්තා වෙයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14දා) කොළඹ ජනපති මන්දිරයේ පැවැති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රැස්විමේදි ජනපතිවරයා මෙම ඉල්ලිම සිදු කළේය.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව අලි සබ්රි මහතා මුදල් අමාත්‍යධුරයට පත්කෙරුණු අතර ඉන් අනතුරුව පැය 24ක් ගතවීමටත් මත්තෙන් ඔහු ඉල්ලා අස්විය.
කෙසේ වෙතත් එම ඉල්ලා අස්වීම ජනපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය 9 දා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලයම අහෝසි වූ බැවින් අලි සබ්රි මහතාගේ මුදල් අමාත්‍යධුරයද අහෝසි විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
