එළැඹෙන 17 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායකධුරය සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය නියෝජ්‍ය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය යෝජනා කර තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුයෙන් ප්‍රකාශයක් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ 'නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කාන්තා හා ළමා හිමිකම් පිළිබඳ ප්‍රබල ක්‍රියාකාරිනියක වන රෝහිනී කවිරත්න මැතිතුමිය ගේ නම අප පාර්ශ්වයෙන් යෝජනා කෙරෙනු ඇත.' ලෙසයි.
ආණ්ඩුව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇති බව වාර්තා වෙයි.