පසුගිය දිනවලදී ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වීමේ වගකිම භාර ගනිමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරවලින් ඉවත් විය යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ අදහස් ප්‍රකාශ වී ඇති වාර්තා වෙයි.
මෙම රැස්වීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14දා) කොළඹ කොටුව ජනපති මන්දිරයේදී පැවැතියේය.
මැති ඇමති නිවාස වලට හා දේපළ වලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කර තිබියදී එය වැළැක්විමට පියවර නොගත් බව මෙම රැස්වීමට එක්වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ. එසේම පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා එම රැස්වීමට කැඳවා තිබූ අතර ඔහු ඉදිරියේ මෙම අදහස් ප්‍රකාශ කර තිබීම කැපී පෙනෙයි.
හිටපු අමාත්‍යවරුන් වන චන්න ජයසුමන හා රමේෂ් පතිරණ යන අය මෙහෙදී පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබේ. මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යුද හමුදාපතිවරයාට හා පොලිස්පතිවරායට ඉවත් වන ලෙස සඳහන් කර තිබේ.