සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඇමතිකම් ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවකට එක්වෙන බවට අසත්‍ය ප්‍රචාර පළකරන බවත් තම මන්ත්‍රීවරු එවැනි පාවාදීමක් සිදු නොකරන බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
"සමහර මාධ්‍ය බොරු කට කතා නිර්මාණය කරලා පතුරවනවා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ වෙන්න උත්සාහ දරනවා කියලා. හෙට දිනයේ අමාත්‍ය මණ්ඩල තනතුරු ලබා ගන්නවා කියලා. මම පැහැදිලිව කියන්න කැමතියි සමගි ජල බලවේගයේ මන්ත්‍රී මණ්ඩලය තමන්ගේ පක්ෂය, තමන්ගේ ජනතාව, තමන්ගේ පාක්ෂිකයන් තමන්ගේ ආත්මය, තමන්ගේ දෙමාපියන් වරදානවලට, වරප්‍රසාද වලට පාවාදෙන්නේ නැතෙයි කියලා.
සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායම මුදලට විකිණෙන්නේ නෑ. වරප්‍රසාදවලට විකිණෙන්නේ නෑ. වරප්‍රසාදවලට අලෙවි වන්නේ නෑ. දේශපාලනය තුළ වෙන්දේසි ලන්තයක් ක්‍රියාත්මක වන මොහොතක්.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තමන්ගේ ජනවරම වෙන්දේසි කරන්න සූදානම් නෑ. කරුණාකරලා බොරු කට කථා නිර්මාණය කරන, ආඥා දායකත්වයක් සුරකින්නට කටයුතු කරන්න එපා. අපේ වරම ජන වරමයි. කුමන වරදානයකට අපේ ජනවරම පාවා දෙන්නේ නෑ. මේ මුසාවට රැවටෙන්න එපා. අපි අපේ රට සුරකිනවා. රට ආරක්ෂා කරනවා. රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ නිර්භීතව නොබියව ගන්නවා."
popular news
-
Dayan Saturday, 14 May 2022 03:58 PM
Without waiting to show magic to the people better able politicians in SJB also to join hands with PM and work towards taking away the poor citizens out of danger. Please note we are struggling without oil, gas, and many more and the prices of every thing is beyond reach. After solving our issues you all can do your politics which is your hobby.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

