අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරාල මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට මුලින්ම මාධ්‍ය වෙත තොරතුරු ලබාදුන්නේ කවුදැයි යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.
ඔහුගේ මරණය මුලින් සියදිවි නසාගැනීමක් බවට වාර්තා වුවත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් එය මොට ආයුධවලින් සිදුවූ පහරදීම් හේතුවෙන් සිදුව ඇති බවට තහවුරු වී තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රශ්න කරන්නේ මෙය සියදිවි නසාගැනීමක් ලෙස මුලින් නිරූපණය කළේ කුමන පදනමකින්ද යනුවෙනි.