චීනය කාන්තාරයක් මැදින් අධිවේගී මාර්ගයක් සාදයි
වයඹදිග චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ, චීනයේ විශාලතම කාන්තාරය වන තක්ලිමාකන් මධ්‍යයේ නව අධිවේගී මාර්ගයක් ඉදිවෙමින් පවතී.
මෙම මාර්ගය කියෙමෝ ප්‍රාන්තයේ බටහිර දෙසින් කිලෝමීටර් 151.764ක් දිගට විහිදෙන අතර කාන්තාරයේ දකුණු කෙළවරේ පිහිටි ජාතික මහා මාර්ගය G315 වෙත කාන්තාරය මැද පිහිටි ටස්හොන්ග් නගරය සම්බන්ධ කරයි.
දිගින් කිලෝමීටර් 1,000ක් සහ පළලින් කිලෝමීටර් 400ක් විහිදෙන තක්ලිමාකන් කාන්තාරය ලොව දෙවැනි විශාලතම වැලි කතර වන අතර 85%ක් පමණ විටින් විට වෙනස් වන වැලි කඳුවලින් සමන්විත වේ.
කාන්තාරයේ මාර්ග ඉදිකිරීම පාහේ කළ නොහැක්කකි. එහි අධික උෂ්ණත්ව වෙනස්වීම් සහ අයහපත් කාලගුණය තවත් සංකූලතා ඇති කිරීම ඊට හේතුවයි. ගිම්හානයේදී කලාපයේ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 70 දක්වා ළඟා විය හැකි බව කියයි.



popular news
-
Deepal Nirosh Sunday, 15 May 2022 11:36 PM
අපේ රටේ කාන්තාර නැති නිසා මේ වගේ ප්රවෘත්ති ප්‍රසිද්ධ කළාට ගැටළුවක් නැහැ, තිබුණනම් මේ ආර්ථික අර්බුධ මැද්දෙ හාමතේවත් ජීවත් වෙන්න බැරිවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

