පක්ෂ දේශපාලනය පසෙකලා මේ මෙහොතේ ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න විසඳීමට නව රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට ආරාධනා කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න වහා විසඳා විදේශ ආධාර ලබාගෙන රට ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ස්ථාවර කිරීමට ගන්නා ඒකාබද්ධ උත්සාහයට සහාය දෙන ලෙසයි.
රටේ අනාගතය දිනෙන් දින බරපතල තත්ත්වයකට මුහුණ පා සිටින බැවින් අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයාගේ ධනාත්මක සහ ඉක්මන් ප්‍රතිචාරය ද අපේක්ෂා කරන බව ලිපියෙන් සඳහන් කර තිබේ.