අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට යොමුකළ ලිපියට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා පවසන්නේ තමන් එකඟ වන්නේ බහු පක්ෂ ආණ්ඩුවකට පමණක් බවයි.
අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ප්‍රේමදාස මහතා පවසන්නේ ජාතික අර්බුදයෙන් ගොඩ ගැනීමට සැලසුම් කරන කිසිදු ක්‍රියාවලියකට රාජපක්ෂවරුන් සම්බන්ධ නොවිය යුතු බවයි.
"අපි දැනටමත් අපේ මේ අදහස ජනාධිපතිතුමාට ප්‍රකාශ කර තිබෙනවා." යැයි ඔහු සිය ලිපියෙන් පවසයි.
එසේම ජනතා ගැටලු විසඳිම වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග වලට විපක්ෂයක් ලෙස සහාය දෙන බවත් ඔහු වැඩිදුරටත් සිය ලිපියෙන් පවසයි.
