ආර්ථිකය දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි සති කිහිපය අමාරුම කාලයක් බවත් මිත්‍ර රටවල් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
පසුගිය දිනවල කළ සාකච්ඡා, ආර්ථිකය හා ගෝඨාගෝගම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
"මිත්‍ර රටවල තානාපතිවරුන් හා නියෝජිතයන් සමග මම සාකච්ඡා කළා. ඒ ප්‍රතිචාර හොඳයි. ඒ රටවල් සමග සාකච්ඡා කර ගිවිසුම්වලට යන්න වෙනවා. ඉන්දියාව සමග දැනටමත් වැඩ ආරම්භ කර තිබෙනවා.මේවා අවසන් කරන්න තව මාස දෙක තුනක් යයි. එතකොට අපේ ආර්ථිකය මධ්‍යකාලීනව හා දිගු කාලීනව හොඳ තැනකට එයි.
විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඊළඟ සති කිහිපය අපිට අමාරු තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා. අපි කරපු සාකච්ඡාවලදී පේන්න තියෙන්නේ සූදානම් නොමැතිවිම නිසා යම්කිසි හිඟයකට ප්‍රශ්නවලට මුහුණ දෙන්න පේන්න තියෙනවා කියලයි. ඇත්ත වශයෙන්ම ඊළඟ සති කිහිපය තමයි අපිට අමාරුම කාලය එන්නෙ.
ඒත් මගේ විශ්වාසය තියෙනවා අපි මේ ගමන එකට ගිහින් මේ ආර්ථික හානියෙන් ගොඩ එන්න ඕන. මේ ආර්ථික ප්‍රශ්න නිසා තරුණ හඩක් ඇතිවෙලා තියෙනවා. එහි සංඛේතය තමයි ගෝඨාගෝගම. අපි ගොඨාගෝගම ආරක්ෂා කරනවා. එහි වැඩ ඉදිරියට ගෙන යන්න අපි රුවන් විජයවර්ධන මහතා පත්කළා.
ඊට අමතරව නගරාධිපතිතුමිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයෙක්, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙක්, සාමය ආරක්ෂා කිරීමට පොලීසියේ හා හමුදාවේ නියෝතයෙක් සමග කොමිටියක් පත්කර තිබෙනවා.
ගෝඨාගෝම පාලනය කළ යුත්තේ එම කණ්ඩායමයි. ආණ්ඩුව නෙමෙයි. ගෝඨාගෝගම නියෝජිතයන් වැඩකටයුතු සම්බන්ධීකරණයට අපි තවත් කමිටුවක් පත්කළා. තරුණ හඩ එක්ක උවමනා වෙනස්කම් අපි ඇති කරන්න ඕන. ඔබ ගෙනියන උද්ඝෝෂනයට කවුරුවත් හානි කරන්නේ නෑ"
