තමන්ට රට භාර දෙන්නේ නම් මාස හයකින් රට ගොඩ නගන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇති බවත් එසේනම් සියලු දෙනා එකතු වී මාස තුනකින් රට ගොඩනගමු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
රට ගොඩ නැගීමට ඇති එකම විකල්පය වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිම බවද ඔහු පැවැසීය. ඇතැම් නායකයන් විවේචන කළත් ප්‍රශ්නයට අත දමා අත පුළුස්සා ගැනීමට බිය වී ඇති බවත් නායකයන් අවශ්‍ය වන්නේ අසීරු අවස්ථාවක නායකත්වය දීමට බවත් මන්ත්‍රීවරයා පැවැසීය.