හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මෙම මස 30වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය ඊයේ (25දා) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ්භාරයට පත්වූයේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරුත් සමග මේ වන විට සැකකරුවන් 12දෙනෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා රිමාන්ඩ්භාරයේ රඳවා සිටිති.
සැකකරු වෙනුවෙන් නීතිඥ ඉරෝමි හේවමල්ලිකාරච් මහත්මිය පෙනී සිටි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සමූහ අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් රංජිත් මහතා පැමිණිල්ල මෙහෙයවීය.
වාරණ - ආනන්ද ජයකොඩි