"මයිනා ගෝ ගම" සහ "ගෝටා ගෝ ගම" යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ජුනි මස 01 වන දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
එමෙන්ම හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිත තවත් සැකකරුවන් හය දෙනකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ලෙසත් එදින ඔවුන් ආවරණය කර හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ ලෙසත් අධිකරණය වැඩිදුරටත් නියම කළේය.
මේ අතර අද දින පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් හඳුනා නොගත් සැකකරුවන් තුන්දෙනෙකු හා සැකකාරියක් ඇප මත මුදා හරින ලෙසත් මහේස්ත්රාත්වරයා නියම කළේය.