රාජ්‍ය සේවකයන්ට රැකියා සඳහා විදෙස්ගත වීමට අවස්ථාව
විවිධ ක්ෂේත්රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතී. එම අවස්ථා ඉලක්ක කරගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා වෙළෙඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචනය සඳහා අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය. පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීමෙන් ඉහළ වැටුප් සහිත රැකියා සඳහා වැඩි වශයෙන් අවස්ථාව උදාකරගත හැකිය.
හෙද සේවය සඳහා යුරෝපය ඇතුළු රටවල් රැසක ඉහළ ඉල්ලුමක් පවතී. ජපානයේ පමණක් වැඩිහිටි සත්කාරක සහ ආහාර සැපයුම් ආශ්රිත ක්ෂේත්රයේ රැකියා පුරප්පාඩු 350,000කට අධික සංඛ්‍යාවක් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි. ඒ සඳහා ජපන් භාෂා දැනුම අනිවාර්යය වේ.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, වෘත්තිය පුහුණු අධිකාරිය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශ දායක කරගනිමින් ජපන් භාෂා දැනුම ලබාදීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
දැනට රාජ්‍ය සේවයේ නියුතු ඕනෑම අයෙකුට හෝ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන ඇති සේවකයෙකුට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.
එහිදී ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවන අයුරින් විදේශ රැකියා සඳහා යොමු වීමට අවස්ථාව සලසා දිය යුතු බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.
විදේශ ප්‍රේෂණ වෙනුවෙන් වාහන බලපත්‍ර, නිවාස ණය හා පාසල් දරුවන් සඳහා පහසුකම් ලබාදීමෙන් ඔවුන් දිරිගැන්විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය. තානාපති කාර්යාල මැදිහත්වීමෙන් රැකියා අවස්ථා උදාකරගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

popular news
-
samson de silva Thursday, 26 May 2022 04:20 AM
Sri Lankawe ihalama raajya sewakaya wana Gotaa pitarata job ekak aragenawath rata athhera yaa yuthuyi. Apita saubaagya genaawaa hondatama ethi. Den wena ratakata saubaagya geniyapiya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

