පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මුස්ලිම් ජාතික සන්ධානයේ අලි සබ්රි රහිම් හා පොදුජන පෙරමුණේ චින්තක අමල් මායාදුන්න මහත්වරුන්ගේ නිවාස ගිනි තැබිම හා පහර දී විනාශ කිරීම සම්බන්ධව සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය අද (25දා) පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 9දා රාත්රියේ අලි සබ් රහිම් මන්ත්රිවරයාගේ නිවාස තුනක් කොල්ලකා ගිනි තබා විනාශ කිරීමට හා චින්තක අමල් මායාදුන්න මහතාගේ නිවස ඉදිරිපිට විශාල පුවරු රැසක් කඩා බිද දැමිමට සම්බන්ධ සැකකරුවන් බව කියයි.
පසුගිය 9දා දහවල් ගෝල්ෆෙස් පිටියේ පැවති සාමකාමි ආණ්ඩු විරෝධි නිර්පාක්ෂීක අරගලයට රජයේ ආධාර ඇතිව කඩා වැදුන පිරිසක් පහර දීමත් සමග පුත්තලම කලපු තිරයේ තිබු ගෝඨාගෝගම නැමති ස්ථානයේ සිට පෙළපාලියෙන් පැමිනි පිරිසක් මෙසේ ගිනි තැබිම් හා කොල්ල කෑම් හා පහර දීම් කර ඇති බව කියයි.
පොලිසිය මගින් සිදුකල දිර්ඝ විමර්ශන වලින් අනතුරුව මෙම සැකකරුවන් 19 දෙනා හදුනා ගෙන ඇති අතර ඔවුන්ගෙන් 15 දෙනෙකුම මන්ත්රි අලි සබ්රි රහිම් මහතාගේ නිවස කොල්ල කෑම හා ගිනි තැබිමට සම්බන්ධ පිරිස් බව කියති.
අත් අඩංගුවට ගැනුන පිරිස අවුරුදු 18 සිට 35 දක්වා වයස් කාණ්ඩ වල පසුවන පිරිස් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් දිර්ඝ විමර්ශන අරඹා ඇති අතර මේ සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනිමට ඇති බව පොලිසිය පවසයි.
පුත්තලම මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක ආර්.එස් .උඩුකුඹුර මහතා සමග අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක රාජකරුණා ,උප පොලිස් පරික්ෂකවරුන් වන හේරත්,හා මාතරආරච්චි යන නිළධාරින් සමග තවත් නිළධාරින් පිරිසක් පරික්ෂණ කටයුතු වලට එක්වි සිටිති.
