මහින්ද පාස්පෝට් භාර දි නෑ - ජොනීගේ පාස්පෝට් විනාශ වෙලාලු
ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළව විදෙස් ගමන් තහනම් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් තවමත් සිය ගමන් බලපත්‍ර අධිකරණයට භාර දි නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය පැවැසුවාය.්
මේ සම්බන්ධයෙන් නවඩු විභාගය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඇය මේ බව පැවසිය.
හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මහින්ද කහඳගම ඇතුළු පිරිසක් මෙතෙක් අධිකරණයට සිය විදේශ ගමන් බලපත්‍ර භාරදීම සිදුකර නොමැත.
පාර්ලිමේන්තු මනන්ත්රීවනරුන වන පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් සිය විදේශ ගමන් බලපත්‍ර අධිකරනය භාර දි තිබේ.
සැකකාර සනත් නිශාන්තගේ විදේශ ගමන් බලපත්‍රය නඩු කටයුත්තක් සම්බන්ධයෙන් වෙනත් අධිකරණයකට භාරදී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රේණුක පෙරේරා යන අය සිය විදේශ ගමන් බලපත්‍ර විනාශ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
popular news
-
Deepal Nirosh Wednesday, 25 May 2022 11:30 PM
අනේ පව්, කවුද මේ අහිංසකයො දෙන්නගෙ පාස්පෝට් දෙක ගිනි තියල විනාශ කළේ? කොච්චර අහිංසකද කියනව නම් ඒ විනාශය තමන් විසින් දරාගෙන පොලිසියක පැමිණිල්ලක්වත් දාල නැහැ. එක රටක එක නීතියක්....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

