මහියන්ගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අවුරුදු 45ක් වන පියා හා අවුරුදු 10 හා 15 වයස්හි පසුවන පුතුන් දෙදෙනා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන් තිදෙනා ඊයේ සවස දිය නෑමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඔවුන් සොයා වැවට ගොස් තිබේ.
ඔවුන් රැගෙන හා ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය වැව අසළ තිබීම හේතුවෙන් කළ සොයා බැලීමකිදී දියේ ගිලී සිටි මෙම තිදෙනා සොයාගෙන තිබේ.