පොළොන්නරුව ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර් යාලයේ පරිපාළන නිලධාරිනියගේ නිවසට අද (04දා) අලුයම ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු ඒ මහත්මියට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.
මෙසේ ඝාතනය වී ඇත්තේ ලංකාපුර ,තල්පොත,අංංක 16/1 හි පදිංචිව සිටි එම්.එම්.යමුණා පද්මිණි (45) නම් දෙදරු මවකි.
පොලිසිය පවසන අන්දමට අද අළුයම 2.00 ට පමණ නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු නිවසේ උඩු මහළයේ නිදන කාමරයේ ඇඳ අසල දී තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.
මෙම ඝාතනය පිළිබඳව මෙතෙක් කිසිවක් අනාවරණය වී නැති අතර නිවස මංකොල්ල කෑමට පැමිණි නාදුනන පුද්ගලයෙකු මෙම ඝාතනය සිදු කොට පළා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ලංකාපුර ප්රාදේශීය ලේකම් කාර්යාලය ප්රධාන පරිපාළන නිලධාරිනිය වූ යමුණා පද්මිණි මහත්මිය වයස අවුරුදු 5ක සහ අවුරුදු 11 ක දියණියන් දෙදෙනෙකු ගේ මවකි.
සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිසිය මූලික විමර්ශන අරඹා ඇති අතර මූලික මහේස්ත්රාත් පරික්ෂණය අද (04දා) සිදු කිරීමට නියමිතය.
