රටේ ජනාධිපති ඇහැට පේන්න නෑ
ජතතාව දැඩි ගැටලුවකින් පෙළෙන බවත් රටේ ජනපතිවරයා ඇහැට පේන්නවත් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ මහතා පැවැසීය. අද (04දා) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"අද අපි පාර්ලිමේන්තුව රැස් වෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ නෙමෙයි. රටේ ඉන්ධන නැතිව මහජනතාව ස්වයං ඇඳිරි නීතිය දාපු තත්ත්වයක් තියෙන්නේ. අයි.ඕ.සී. ෂෙඩ් ගාව කිලෝමිටර් ගණන් දිග වාහන පෝලිම් ඇතිවෙලා තියෙන්නේ.
මන්ත්‍රීවරු වුණත් ගමනක් ගියොත් කොහොමද එන්නේ කියලා චකිතෙක බියක ඉන්නේ.අද සභාගැබේ අගමැතිවරයා නෑ. බලශක්ති අමාත්‍යවරයා නැ. මේ තියෙන අර්බුදයෙන් පීඩාවට පත් මහජනතාවට මොකක්ද කියන්නේ.
රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්න නෑ. මහජනතාවට පේන්න නෑ. මිනිස්සු පෙලෙන්නේ ඉතාම බරපතල පිඩාවක. ජනතාවට සහනයක් පේන බලාපොරොත්තුවක් පේන තෙක් මානයක නෑ.
මේ පාලන තන්ත්රය ගැන ජජාත්යන්තරයේ විශ්වාසයක් නෑ.රනිල් පත්වුණා කියලා ජාත්‍යන්තර විශ්වාසය ඇතිවෙයි කියලා එහෙම දෙයක් නෑ. එතුමා ඡන්දයකින් පැරදුන, ජාතික ලැයිස්තුවෙන් ආපු තනි මන්ත්‍රීවරයෙක්. එහෙම කෙනෙක් අගමැති කළා කියලා ජාත්‍යන්තරයේ විශ්වාසය ඇති වෙන්නේ නෑ.
කරුණාකර අපි මේ පක්ෂ ටික එකතුවෙලා සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවලා. රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයි දිනාගන්න වැඩ පිළිවෙලක් හදමු. අපි ගිනි කන්දක් උඩ ඉදගෙන ටෙනිස් බෝල ගහනවා."
popular news
-
Deepal Nirosh Monday, 04 July 2022 07:14 AM
ඇත්ත, මේක රටේ අපි හැමෝටම හොඳ පාඩමක්. තම කොට්ඨාශයට රටට නායකයකු තෝරන විට ප්‍රතිපත්ති කුමක් වුවත් ඇහැට පේන කනට ඇසෙන අයකුයි පත් කර ගත යුත්තේ.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

