saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 5673 hours ago

LATEST

රසායනික පොහොර තහනම SJB රජයකින් ඉවත් කරනවා

calendar_today 2022 මාර් 07 - 20:04 remove_red_eye - 243  

වත්මන් රජය විසින් රසායනික පොහොර සම්බන්ධයෙන් පනවා ඇති තහනම සමගි ජන බලවේගය රජයක් යටතේ ඉවත් කරන බවත්, ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර මෙරටට ආනයනය කර සාධාරණ මිලකට එය ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත අද (07දා) මෝටර් රථ දෙකක් නවතා පරික්ෂා කිරීමට උත්සාහ කිරීමේදී පලා ගිය මෝටර් රථයකට වෙඩිතබා නවතා ගෙන සිදුකළ පරීක්ෂාවේදී හෙරොයින් ග්‍රෑම් 13කට ආසන්න ප්‍රමාණයක් සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලිසිය පවසයි.

Read More

බලපත්‍ර නොමැති බෝර 12 පතරොම් තුවක්කුවක් හා එම හිස් පතරොම් කොපුවක්, කොටි දතක් හා අලියෙකු ගේ දතක්, බඳින තුවක්කුවක උපකරණ කට්ටලයක් සමග සැකකරු‍වෙක් සහ සැකකාරියක් අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

Read More

ගිරාදුරුකෝට්ට බෙලගන්වැව තෙල්දෙණියාය රක්ෂිතයේ නිධන්වස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් සිදුකළ බවට සැකපිට චිවරධාරියෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙක් ඊයේ (6දා) අත්අඩංගුවට ගත්බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

Read More

හෙට (08) දිනයේත් උදෑස 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුල පැය හතහාමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Read More

මේ දිනවල පැවැත්වෙන ජනාධිපති වරයාගේ රාජ්‍ය ආයතන සංචාර, ඒ ඒ ආයතන වලට අමුතු වැය බරක් උද්ගතවන මාධ්‍ය සංදර්ශයනයක් පමණක් වී ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

Read More

නගර සේවකයෙකුට පහරදි තුවාල සිදුකළ දඹුල්ල නගරාධිපතිගේ සහොදරයා දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගැනිමට කටයුතු නොකල බව පවසමින් පහර කැ පුද්ගලයාගේ පවුලේ අය ඊයේ (6දා) දඹුල්ල නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකික විගමනික ශ්‍රමිකයින් හට ඉතා ඉක්මනින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධ වී එහි සේවාවන් ලබාගැනීම සඳහා නිර්මාණය කරන ලද SLBFE E Connect ජංගම යෙදවුම (Mobile app) අද (07දා) විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් මුදාහරිනු ලැබීය.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මැදිහත්වන ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමෙන් හා එහි සාමාජිකයන්ගෙන් අද ඉල්ලා සිටියහ.

Read More

පොලොන්නරුව රාජධානියේ මුල් යුගයට අයත් යැයි සැලකිය හැකි සහ මෙතෙක් හමු වූ කුඩාම ශිව ලිංග පාදම නොහොත් යෝනි ගලක් කිසියම් පිරිසක් විසින් පොලොන්නරුව ඇතුමල්පිටිය වැවේ වැව්පිටියට ගෙනැවිත් දමා තිබිය දී අද (07දා) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා පොලිසිය එක්ව සොයාගෙන ඇත.

Read More

රුසියා හමුදාව විසින් අත්පත් කරගත් යුක්රේනයේ නැගෙනහිර නගරයක් වන චුහුයිව් යළිත් තම හමුදා විසින් අත්පත් කර ගත් බව යුක්රේන ආරක්ෂක අංශ පවසයි.

Read More

තවත් දින දෙක තුනක් ගෑස් නොමැතිව පැවතුනහොත් දිවයිනේ බේකරි බොහෝමයක් වැසී යනු ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු කමල් පෙරේරා මහතා පවසයි.ඔහු මේ අදහස් පළකළේ බේකරි කර්මාන්තය වර්තමානයේ මුහුණු පා ඇති අභියෝග සම්බන්ධයෙන් ඊයේ‍ (06දා) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

Read More

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ එක් පියවරක් ලෙස වීදි පහන් නිවා දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා මේ වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 10000කට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

මුදල් ඇමතිවරයා මේ අර්බුදය උත්සන්න වීම බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔහුට අවශ්‍යෙ මේ අර්බුදය උත්සන්න කරලා රට විශාල අර්බුදයකට ඇද වට්ලා බටහිර උපායමාර්ගයට අපේ රට හසු කරන්න අවස්ථාව සලසලා දෙන්න. ඒක නොදැක්කා වගේ ඉන්න අපිට බෑ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහ අස්වනු මිලට ගැනීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) තංගල්ල පැරණි පොළ භූමියේදී සිදු කෙරිණි.

Read More

මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයට සමාන අන්දමින් ව්‍යාජ ලෙස සැකසූ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බවට සඳහන් කරමින් වංචනිකව මුදල් ගසාකෑමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට කාර්යාංශයට තොරතුරු හෙළි වී තිබේ.

Read More

රුසියානු රාජ්‍ය රූපවාහිනී වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බව ලෝප්‍රකට Anonymous හැකර්වරුන් පවසයි.

Read More

ජනාධිපති ඇතුළු ආණ්ඩුව මේ ප්‍රශ්න ඇති වෙන බව දැනගෙන හිටියා. ඒ නිසා මූල්‍ය අර්බුදයෙන් ගොඩ එනතෙක් ජනතාවගේ ප්‍රශ්න විසඳන තෙක් මන්ත්‍රී වරප්‍රසාද ගැන කතා කරන්න එපා කියලා ජනාධිපතිවරයා මුලදිම කිව්වා.

Read More

පසුගිය මාස දෙකේ වාර්තා සළකා බැලීමේ දි මෙරටට වැඩිම සංචාරක පිරිසක් වාර්තා වී තිබුණේ රුසියානු සමූහාණ්ඩුවෙනි.

Read More

රත්මලාන දුම්රිය පොල අසලදී හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වීදුරු බෝතලයක් කඩා ගෙල කපා ගැනීමට තැත් කිරීමේදී එය වැළැක්වීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයකු ගේ අතකට තුවාල සිදුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

Read More

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දෙයි.

Read More

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සධාතුක කරඩුව වැඩමවීම 13 වරක් වැඩම කරවීමට තරම් භාග්‍යවන්තවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7දා) උදෑසන මියයාම සැලවීමත් සමග විශාල ජනතාවක් , ගෞරවය පුද කිරීම පිණිස හස්තිරාජයාගේ හිමිකරුවූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ ගම්පහ, නැදුන්ගමුව නිවස කරා පැමිණෙමින් සිටිති.

Read More

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම පක්ෂය කියයි. ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් අතර තුළදී මෙසේ ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එම පක්ෂය කියයි.

Read More

තිදෙනකු ගමන් ගත් යතුරු පැදියක් අද (7දා) අළුයම බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් යතුරුපැදිය පැද වූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගිය බවත් අනෙක් දෙදෙනා තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

රුසියා - යුක්රේන අර්බුදය හමුවේ බොරතෙල් බැරලයක මිල වසර 13කට පමණ පසුව ඉහළම මිල වාර්තා කර තිබේ.

Read More

ඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.

Read More

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් දෙපාර්තමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඒ එම දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන සෙලින්කෝ ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධි කිරීමක් හේතුවෙනි.

Read More

මොරටුව අඟුලාන පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුම්කින් සැකකරුවන් දාසය දෙනෙකු අද (6දා) අලුයම අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.