saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5665 hours ago

LATEST

විමල් හා උදය ඉවත් කිරීම ගැන ජනපති කනගාටුවෙයි

calendar_today 2022 මාර් 09 - 16:45 remove_red_eye - 3743  

විමල් වීරවංශ මහතා හා උදය ගම්මන්පිල මහතා අමාත්‍යධුරවලින් ඉවත් කිරීම පිළිබඳව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා කණගාටුවන බව ප්‍රකාශ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

Read More

මෙහිදී බොහෝ පිරිසක් අවධානය යොමුකරන ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 229.9ක අගයක පැවැතුණි. ඊයේ දිනයේදීද එම අගයම පැවැතියේය.ඩොලරයක ගැණුම් මිල රුපියල් 225.2ක් ලෙස සටහන් විය.

Read More

කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ත්‍රාසජනක වැඩසටහන ක්‍රීඩිකාවන 600දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වලදී අදියර දෙකක් යටතේ එය පැවැත්වීමට නියමිතයි.පලමු අදියර මාර්තු 14 වන දින සිට 22 දක්වාත් දෙවන අදියර මාර්තු 28 සිට අප්‍රේල් 6 වනදා දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

කොවිඩ් 19 අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ විවිධ අංශවලින් චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව ද කථානායකවරයා සිය කෘතවේදීත්වය චීන රජය වෙත මෙහිදී පළ කළේය.

Read More

මෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5 ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000 ක නිෂ්පාදනයක් සිදුකිරීම අපේක්ෂාව වේ.

Read More

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හා යුක්රේන විදේශ අමාත්‍ය ඩමිට්‍රෝ කුලේබා තුර්කියේදී හමුවීමට නියමිත බව රුසියානු විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස කළ ඉල්ලීම පරිදි මෙම මස 23 දින සර්ව පාක්ෂික සමූළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව තුළ විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සියල්ලන්ගේ අවධානයට යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

ආණ්ඩුව පොරොන්දු ආකාරයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ථාව මෙම සතියේ හෝ පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ විවාධයට හෝ සර්ව පාක්ෂික සමුලුවට පක්ෂ වලට සූදානම් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතෙහි මූලික වශයෙන් කරුණු තුනක් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති බවත් එම ගැටලුකාරී තත්ත්වයන් විසදන තෙක් පනත සම්මත නොකළ යුතු බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර ආයතනය පවසයි.

Read More

(LONG READS) සතුන් හා මිනිසා අතර බැඳීම අතීතයේ සිට පැවතියද, අපි ඇතැම් සතුන්ගේ නම කියූ සැනින් දක්වන්නේ බියකි. කිඹුලාද එවැනි භීතිය දනවන සතෙකි. ඒ කිඹුලාට මිනිසුන්ව හසු වුවහොත් කා දමන නිසාය. නමුත් කිඹුලා කියන්නේ එතරම් බිය විය යුතු සතෙක්ද? නැතිනම් අනෙකුත් සතුන්ගෙන් ඌ සුවිශේෂී වන්නේ ඇයි? යන කාරණාවන් සේම, කිඹුලාගේ ජීවන පැතිකඩේ කරුණු කිහිපයක් පිළිබඳව, කිඹුලන් පිළිබඳ පර්යේෂණ අධ්යලයනයන් සිදුකරන වනජීවී නිලධාරී ප්රිදීප් රත්නසිරි මහතාගෙන් අදහස් විමසීමක් කළෙමු.

Read More

පෞද්ගලික දත්ත ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

මහ බැංකුව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට සූදානමක් නොමැති බවට මහ බැංකු අධිපති හා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී පෙනුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

Read More

විදුලි සෝපානය භාවිත කිරීම අඩු කිරීම,අනවශ්‍ය විදුලි පහන් නිවාදැමීම, පස්වරු 2.30-4.30 දක්වා වායු සමීකරණය යන්ත්‍ර අක්‍රීය කිරීමට උනන්දු කිරීම, නිල රථ හිමි අමාත්‍යවරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට මාසිකව හිමිවන ඉන්ධන ප්‍රමාණයට වඩා අතිරේක ඉන්ධන ලබාදීම තාවකාලිකව අත්හිටුවීම, රැස්වීම් හා සාකච්ඡා සඳහා නිලධාරීන් කොළඹට ගෙන්වීම වෙනුවට සූම් හා ටීම්ස් වැනි වීඩියෝ තාක්ෂණය හරහා ක්‍රියාත්මක කිරීම ආදී යෝජනා මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති දෙවැනි නඩුවට පෙනී සිටීම වෙනුවෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.

Read More

මෑතකදී සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සමගාමීව ඒ ඒ අමාත්‍යාංශවල විශය පථය හා කාර්යයන් සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔහු පැවැසුවේ ’’අපි වනාන්තරවල, වගාබිම්වල, වෙරළේ, වීදිවල සටන් කරන්නෙමු’’ යනුවෙනි.

Read More

රටේ පොල්තෙල් හිගයක් මවාපාමින් සිංහල දමිල අලුත් අවුරුද්ද සඳහා මිල විකෘතියක් කිරීමට බහුජාතික සමාගම් කිහිපයක් සූදානමින් පොල් තෙල් තොග සඟවා තබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කොට ඇතැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදක සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා අද (08දා) පැවසීය.

Read More

ඇමෙරිකාවට මේ රට විකුණන්න හදනවා කියන චෝදනා සම්බන්ධයෙන් එතුමා විශාල වශයෙන් සංවේදී වුණා. මොකද එහෙනම් යුද්ධෙ කාලෙදී තමයි ඇමෙරිකාවත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණ කරනවානම් එතුමට කුමන්ත්‍රණ කරන්න තිබුණේ.

Read More

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා පත්කර තිබේ.

Read More

ඇමෙරිකාවේ වයිකින්ග් 2 වෙතින් බලාපොරොත්තු වූවාට වඩා සංකීර්ණ භූ විද්‍යාත්මක පරිණාමයක් චීනයේ ෂුරොන්ග් යෝජනා කරන බව එක්සත් රාජධානියේ ලෙයිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ ජෝන් බ්‍රිජර්ස් පවසයි.

Read More

මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී අදහස් දැක්වූ රටවල් 45න් 31ක් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙමින් අදහස් පළ කළ බව විදේශ කටයතු අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සති දෙකකට අඩු කාලයක් තුළ රුසියානු-යුක්රේන ගැටුම පුපුරා යාමෙන් මිලියන 2කට වැඩි පිරිසක් යුක්රේනයෙන් පළා ගොස් ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

Read More

යුක්රේන අර්බුදයේ සෘණාත්මක බලපෑම අවම කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව පැවසූ චීන නායකයා, අදාළ සම්බාධක ගෝලීය මූල්‍ය, බලශක්තිය, ප්‍රවාහනය සහ සැපයුම් දාමවල ස්ථාවරත්වයට බලපාන බවත්, දැනටමත් වසංගතයෙන් විනාශ වී ඇති ගෝලීය ආර්ථිකය අඩාල කරන බවත් අවධාරණය කළේ මෙය කිසිවෙකුත් අපේක්ෂා කරන්නනක් නොවන බව පවසමිනි.

Read More

විදුලිය අත්‍යාවශ්‍යය ස්ථානයන් වෙත කප්පාදුවකින් තොරව විදුලි සැපයුමක් ලබාදීම අනිවාර්යයෙන් කළයුතු බවත්, ඒ වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මකවන මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කොට, අද සිට විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළයුතු බවත්, විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙයි.

Read More

බූස්ටරයට පෙර එන්නත් අසමානතාව වැළැක්වීම හෙවත් මූලික එන්නත් ලබාගැනීමට නොහැකි වූ අයට එන්නත් කිරීම සිදුකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සිටි මතය වෙනස් කරමින්, බූස්ටර් මාත්‍රාව ඉක්මනින් ලබාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

Read More

රටේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් හිඟයකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුසියානු RT පුවත් නාලිකාව ඇතුළු රුසියානු මාධ්‍ය ආයතන රැසක විකාශනයන් අන්තර්ජාලය තුළ මෙන්ම, බටහිර සමාජ මාධ්‍ය තුළි විකාශය අවහිර කිරීම හමුවේ විකල්ප වෙත යොමුවීමට ඔවුන් කටයුතු කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.