saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5657 hours ago

LATEST

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ විශාල මුදල් නාස්තියක් - කෝප් සභාපති

calendar_today 2022 මාර් 11 - 16:14 remove_red_eye - 675  

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කරන නිලධාරීන් විසින් කලින් කලට ගනු ලබන තීරණ නිසා රාජ්‍ය මුදල් වලට විශාල ව්‍යසනයක් සිදු වන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ තීන්දුව ලබාදීම ලබන මැයි මස 06 වෙනි දාට කල් තැබිණ.

Read More

බත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල රුපියල් 10 කින් වැඩි කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

Read More

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 25 ක ප්‍රපාතයට පෙරලිමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව දිඹුල පතන පොලිසිය පැවසිය.

Read More

පාන් රාත්තලක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දැමීමට තීරණයකර තිබේ. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 110 දක්වා ඉහළ යනු ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කළේ ය. බනිස් ඇතුළුව අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

Read More

ඖෂධ මිල තීරණය කිරීම ආනයනකරුවන්ට හා ඔසුසැල් හිමියන්ට පවරා ඇති බවට ඇතැම් පුවත්පත්වල අද (11දා) පළ වී තිබූ වාර්තා අසත්‍ය බව පැහැදිලි කරමින් ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

Read More

මීට මාස දෙකකට පෙරදී ඇඹිලිපිටිය කණමැදිආර එළිමහන් සිර කඳවුරෙන් පලාගොස් සිටිය දී දිනකට පමණ පසුව අත්අඩංගුවට පත් හතළිස් අට හැවිරිදි සැකකරුගේ මරණය මිනීමැරුමක් බවට වෛද්‍ය නිගමනය වී ඇති නිසා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ මහත්මිය නියෝග කළාය.

Read More

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35කින් ඉහළ නංවයි. ඇම‍ෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික ඉන්දු- ලංකා නාවික අභ්‍යාසය, (SLINEX) 2022 මාර්තු මස 07 වන දින සිට 10 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව සහභාගී විය.

Read More

නිත්‍යානූකූල බලපත්‍රයක් නොමැතිව ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකු ඊයේ(10දා) පස්වරුවේ විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

Read More

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අද (11දා) සිට සියයට විසිහතකින් ඉහළ නංවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේදී කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වූ බිත්තර පැට වූ ලොරි රථයක් , එම දෙසටම ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ තවත් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී , එහි පිටුපස බඳෙහි වැදි, සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි .

Read More

අච්චුවේලි, පුත්තුර්හිදී විදුලිය සැර වැදී යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More
අද වහින පැති
11 03 2022 08:31:00
0 322

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවර එළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 453,226,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගෑස් නැව් වෙත ගෙවීම සඳහා අවශ්‍ය ණය වර ලිපි නිකුත් කර ගැනිමට නොහැකි වීම හෙතුවෙන් පැන නැගී තබූ ගැටලුව අවසන් කර ගැනීමට හැකිවූ බව ලට්‍රෝ සමාගම පවසයි.

Read More

ඇමෙරිකානු විද්‍යාඥයින්ගේ සම්මේලනයට (FAS) අනුව, එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික අවි 5,428ක් ඇස්තමේන්තු කර ඇති අතර, රුසියාවට ඇමෙරිකාවට වඩා න්‍යෂ්ටික අවි 5,977ක් ඇති බව FAS මෙම වසර මුලදී තක්සේරු කළේය.

Read More

ලංකා ඉන්දය තෙල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ඒ අනුව සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 75කින් හා පෙට්‍රල් මිල රුපියල් 50කින් ඉහළ නංවා තිබේ.

Read More

සිරියාවට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාරයෙන් පෙර නායකයා මිය ගිය බව ත්‍රස්තවාදී කණ්ඩායම තහවුරු කරයි

Read More

වයස අවුරුදු 116 ආයූ වැළදු කනංකේ ඩිංගි හාමි මාතාව ඊයේ (09දා) මිය ගියාය.ඇය ඉපදෙන්නේ 1906.01.11වැනි දින අකුරැස්ස අතුරලිය සුන්දර ගම්මානයේ ය. ඇයගේ නම කන්කානම් ගමගේ ඩිංගිහාමි මාතාවයි.

Read More

මෙම සංචාරය තහවුරු වුවහොත්, එය රුසියානු සහ යුක්රේන විදේශ ඇමතිවරුන් අතර බ්‍රහස්පතින්දා පැවති රැස්වීමෙන් පසුව සිදුවන වැදගත් සාකච්ඡාවක් වනු ඇත.

Read More

මාතලේ මහවෙල පොලිස් බල ප්‍රදේශයට අයත් අඹන් ගඟ හරහා ඉදිව ඇති ප්‍රධාන පාලම ආසන්නයෙන් දිය නෑමට ගිය තැනැත්තියන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙක් දිවි බේරාගෙන එක් තැනැත්තියක අතුරුදන් වී ඇතැයි මහවෙල පොලිසිය පවසයි.

Read More

එක්සත් ජනපදය හා ජපානය තායිවාන ප්‍රශ්නයට මැදිහත් වන බවට චෝදනා කරන චීනය, දිවයින සමග සාමකාමී යලි ඒකාබද්ධ කිරීමක් අවධාරණය කරයි.

Read More

ඖෂධ ආනයනකරුවන්ට සාධාරණ අනුපාතයකින් ඖෂධ මිල ඉහළ දැමීමට අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

යුද්ධය හේතුවෙන් කොවිඩ්-19 සිට සරම්ප දක්වා බෝවන රෝග පැතිරවීමට උපකාරී විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

අනුරාධපුර පොලිස් වසමේ වන්නියන්කුලම ප්‍රදේශයේ මවක් අද(10 දා) දහවල් තම එකම දරුවා සමග ළිදට පැනීම හේතුවෙන් එම දරුවා ජීවිතක්ෂයට පත්ව, මව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබෙන බැවින් ඉදිරියේදී මෙරට තුල අනිවාර්යෙන් ගෑස් මිල වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

කුරියර් සේවාව මගින් කොළඹ සිට මහනුවරට හෙරොයින් මත්කුඩු රැගෙන ඒමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් හසුකරගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්ව සිටී.

Read More

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නිසිලෙස නොලැබීම නිසා හෙට (11දා) දිනයේදීත්, විදුලි කප්පාදු කිරීම සිදුකරණ බව විදුලි බලමණ්ඩලය සදහන් කරයි.

Read More

පොල්ගහවෙල හා වලකුඹුර දුම්රිය ස්ථාන අතර මැද්දලන්ද ප්‍රදේශයේ දී මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (10දා) පීලි පැනීමට ලක්ව ඇත. එම පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ සිල්පර කොට 400කට පමණ හානි සිදුවී ඇති අතර කොළඹ කොටුව දෙසට ඇති දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදු වී ඇති බව ද වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.