saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5645 hours ago

LATEST

ඇමති වාසුදේව වාහනය සහ නිල නිවස භාරදෙයි

calendar_today 2022 මාර් 14 - 12:01 remove_red_eye - 680  

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද (14දා) ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට භාර දෙන ලදී.

රුපියල පා කරවීමට රජය ගත් තීරණය අනුව අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතව වාණිජ බැංකුවක් විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 265ක් දක්වා ඉහළ දමා තිබේ.

Read More

එතනෝල් ආනයනය නොකරන ලෙස ඉල්ලා සෙවණගල සිනි සමාගමේ සේවක සමිති හතරක පිරිසක් සතියක පමණ සිට සිදු කළ සත්‍යග්‍රහයක් රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතාගේ මැදිහත්විමෙන් ඊයේ (13දා) නවතා දැමිය.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉස්සරහා ආණ්ඩුවේ ඇමතිවරු ගිහිල්ලා උපවාස කළා. රටේ රාජ්‍ය නායකයා ගිහින් ඒ අයට තැඹිලි පෙව්වා. නවනීදන් පිල්ලේ ආණ්ඩුවට ආව වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කිව්වා මට එයාව කසාඳ බැඳ ගන්න තියෙනවානම් හොඳයි කියලා. ජාත්‍යන්තරය සම්පූර්ණයෙන් අපෙන් අයින් වුණා. මම ජනපතිධුරයට පත්වෙලා කරපු පළමු දේ තමයි ජාත්‍යන්තරයේ හිත් දිනා ගැනීම.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ’’රේඩ් ඇමේසන් ’’ 20 වැනි ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීම සදහා ප්‍රංශ ජාතික කාන්තා ක්‍රීඩිකාවන් 250 දෙනෙකු අද (14දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

Read More

ප්‍රථිපල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙහි උපරිම ලකුණු සංඛ්‍යාව සිංහල මාධ්‍ය 152 වන අතර දෙමළ මාධ්‍ය 149කි. සිංහල මාධ්‍ය අවම ලකුණු 142ක් වන අතර දෙමළ මාධ්‍ය අවම ලකුණු 145කි.

Read More

මේ ප්‍රශ්න ජනතාව දැනගත යුතුයි. ඒව හංගන්න ආණ්ඩුවට බෑ. ඒක විපක්ෂයත් දැන ගන්න ඕනි. මේ වෙලාවෙ ආණ්ඩු මාරු කරන එක නෙමේ කරගන්න ඕනි. තියන ප්‍රශ්නෙ විසඳගන්න එක. එසේ නොවුණහොත් ඉදිරි මාස කීපයේදී අපිට රටත් නැති වේවි.ඔ අපේ දේශපාලන මතය කුමක් වුවත් අපිට තියන රට මේක .ඒක බේර ගන්න අපි හැමෝම එකතු වෙන්න ඕන. එය හැමෝගෙම වගකීමක් හා යුතුකමක්.

Read More

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් පර්හාන් අල් සවුඩ් මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් අද (14දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදපිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳුදා සහ අඟහරුවාදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව අයි.එම්.එෆ්. ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී නොසාකි රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

Read More

ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (13) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.

Read More

“දැන් කතා බහක් යනවා ජාතික ආණ්ඩු ,ඇමතිකම් ගන්න විදිය, අගමැතිකම් මාරුවෙන විදිය නමුත් ජාතික ආණ්ඩුවකටනම් අපේ කැමැත්තක් නෑ. ජාතික ආණ්ඩු හදන දවසකට අපි පැත්තකට වෙනවා. ජාතික ආණ්ඩු හදන්නේ ජාතික පරමාර්ථයකින් නොවේ. මේ හදන්නේ ඇමතිකම් වැඩිකරගන්න. එහෙම ජාතික ආණ්ඩුවලින් වැඩක් නෑ”

Read More

’’භූමිකම්පාව මිනිත්තුවක පමණ මධ්‍යස්ථ තීව්‍රතාවයකින් දැනුණු නිසා මිනිසුන් භීතියට පත් වී තම නිවෙස්වලින් පලා ගියා’’ යැයි ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසයි.

Read More

5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk / www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකියි.

Read More

රුසියානු හමුදා විසින් දකුණු දිග නගරයේ Dniprorudne නගරයේ නගරාධිපතිවරයා පැහැරගෙන ගොස් ඇති බව යුක්රේනයේ විදේශ අමාත්යය කුලේබා පවසයි.

Read More

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගිනිකොනදිග ලුආලාබා පළාතේ ලුබුඩි දිස්ත්‍රික්කයේ බ්‍රහස්පතින්දා අගභාගයේදී මැදිරි 15ක දුම්රියක් මෙසේ පීලි පැනීමකට ලක්විය.

Read More

යුක්රේනයේ සිදුවන රුසියානු ප්‍රහාරයට සහාය දැක්වීම සඳහා මොස්කව් පාලනය විසින් චීනයෙන් යුද උපකරණ සහ වෙනත් ආකාරයේ නිශ්චිත නොවන හමුදා ආධාර ඉල්ලා ඇති බවට ඇමෙරිකානු මාධ්‍ය සිදුකරන සංදර්ශනය චීනය දැඩිව ප්‍රතික්ෂේප කරයි.

Read More

රට නිවැරදි මාර්ගයට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සඳහන් කිරීමට අනිද්දා (15දා) සමගි ජන බලවේගය ජනතාව සමග කොළඹට පැමිණෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැලියක් අතරතුර, කියා සිටියේ වත්මන් නායක ජෝ බයිඩන් යටතේ ඇමෙරිකාව තවදුරටත් බියගුලු හෝ ගෞරවයට පත් නොවන රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි.

Read More

රාජපක්ෂලා හිතන්නේ ඒ අයගේ දරුපවුල් කාලා බීලාහිටියොත් ඇති කියලා විතරයි. අද රටේ තියෙන තත්ත්වය පුරුෂයන්ටත්වඩා වැඩි පුරම තේරෙන්නෙ කාන්තා අපිටයි. ඒ නිසා කාන්තාවෝ අපි එකට එකතු වෙලා එළියට බහින්න ඕනෑ. ඒ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා.

Read More

ජර්මානු රජයේ ප්‍රකාශක ස්ටෙෆන් හෙබෙස්ට්‍රේට් පවසන පරිදි මිනිත්තු 75ක දීර්ඝ සාකච්ඡාවේදී මැක්රෝන් සහ ෂෝල්ස් ගැටුමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කරා යන ලෙස පූටින්ට වෙත ආයාචනා කර ඇත.

Read More

අවම බස් ගාස්තුව රුපියල් 17 සිට රුපියල් 19ක් හෝ රැපියල් 20ක් දක්වා වැඩි වීමට නියමිතය. අනෙකුත් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිශතය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරෙනු ඇත.

Read More

ඉන්ධන මිළ ඉහල දැමීමේ වගකීම රජයක් හැටියට භාර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13දා) කරන්දෙණියේ පැවති ජන හමුවකදී කිවේය.

Read More

ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව අද (13දා) ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

2019 වසරේදී තමන් භාර දුන් රජයේ නිවසේ බිල්පත් සඳහා තමන්ට වගකීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඉන්ධන මිල වැඩිකිරීමට සාපේක්ෂව බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු වැඩිකිරීමට බහාලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමය තීරණය කර තිබේ.

Read More

ඉන්දියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ඉන්දීය කණ්ඩායම රැස්කළ ලකුණු 252ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඊයේ (12දා) සිට මෙම මිල වැඩි කිරීම ක්‍රියාත්මක වෙයි.

Read More

බීජිං, මාර්තු 13 (ෂිංහුවා) - චීනයේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වසර දෙකකට පමණ පසු ඉහළම අගයට පැමිණ තිබේ. ඒ අනුව ඊයේ (12දා) දිනයේදී චීනයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් 1,807 ක් වාර්තා වී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

Read More

රුපියල මත පීඩනය ඇතිවන පළමු අවස්ථාවේදීම විනිමය අනුපාතය මුදා හැරීමෙන් සරුංගලයක නූල කැඩුනාක් මෙන් රුපියලට සාපේක්ෂව ඩොලරය අහස උසට නගින බවත් ආණ්ඩුව කළේ විනිමය තහංචි පනවා ක්‍රමානුකූලව විනිමය අනුපාතය මුදා හැරීමට කටයුතු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය .

Read More

විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ලබාදුන්නාය කියන යෝජනාවෙන් ඉතාම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන එනම් ඒකක 0 සිට 30 දක්වා විදුලි පරිභෝජනය කරන 1389000 කට ආසන්න පිරිසකගේ විදුලි බිල ආසන්නයෙන් පස් ගුණයකින් වැඩි කිරීමට නියමිත බවද ඔහු මෙහිදී හෙළිදරව් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.