saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5643 hours ago

LATEST

ෂොපින් බෑග් මිලත් ඉහළට

calendar_today 2022 මාර් 14 - 21:39 remove_red_eye - 432  

පවතින අමුද්‍රව්‍ය හිඟය හා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ෂොපින් බෑග් එකක් මිල රුපියලත් රුපියල් හතත් අතර මුදලකින් ඉහළ දැමීමට කටයුතු කළ බවත්, ලන්ච් ෂීට් එකක මිල රුපියලකින් ඉහළ දැමීමටත් කටයුතු කර තිබෙන බවත් සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයන්ගෙන් හා ප්‍රතිචක්‍රීකරණය කරන්නගේ සංගමය සඳහන් කරයි.

ඇන්ටෝනියෝ ගුටරෙස් වාර්තාකරුවන්ට පැවසුවේ යුක්රේනයේ යුද්ධයට ජයග්‍රාහකයන් නොමැති වනු ඇති අතර, එයට පරාජිතයින් පමණක් ඉතිරි වනු ඇති බවයි.

Read More

දැන් අලුත් තිරපිටපතක් එමින් තිබෙනවා මේ කබ්රාල්ව ඉවත් කළා නම් හරි කියලා. අපි පැහැදිලිව කියන්න කැමතියි දැන් ඇති. තවදුරටත් මේ විදියට මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මෙහෙම ගියොත් දෙමව්පියන්ට එක්කෝ මංකොල්ල කන්න වෙනවා, නැතිනම් දරුවන්ව අතහැරලා දාන්න වෙනවා.

Read More

තහවුරු වී ඇති අවස්ථා කිහිපයක් ඇති බැවින්, ඩෙල්ටාක්‍රෝන් අධික ලෙස සම්ප්‍රේෂණය වන්නේද නැතහොත් දරුණු රෝග ඇති කරයිද යන්න පැවසීමට ඉක්මන් වැඩි බව ප්‍රංශයේ විශේෂඥ කණ්ඩායමක් පැවසූහ.

Read More

ගම්පහ , කෙටවල අමුණෙහි දිය නෑමට ගිය බව කියන සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවෙකු අතුරුදහන්ව ඇති අතර එම සිසුවා සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයෙන් ආධාර ඉල්ලා යැවූ බව ගම්පහ පොලීසිය අද (14දා) සවස සඳහන් කළේය.

Read More

’’යුක්රේනයේ විදේශ කුලී හේවායන්ගේ සියලුම ස්ථාන අප දන්නවා. මට ඔබට නැවත අනතුරු ඇඟවීමට අවශ්‍යයි. කුලී හේවායන් යුක්රේනයේ කොතැනක සිටියත් ඔවුන්ට අපේ දයාවක් නැහැ.’’ රුසියාව කියයි.

Read More

නඩු දමාවි, හිරෙත් දමාවි සමහර විට මරලත් දමාවි අපිව මරා දැමුවත් සටන නවතින්නේ බැසිල් රාජපක්ෂ කියන අවලස්සන ඇමෙරිකානුවා යළි ඇමෙරිකාවට යන තුරුම අපේ සටන නවත්වන්නේ නෑ. යන්නේ නැත්නම් අපි එළවනවා

Read More

සිවිල් වැසියන්ගේ සහ සන්නද්ධ පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දින තුනක් ඇතුළත 32ක් දක්වා ඉහළ ගොස් ඇති බව බුර්කිනා ෆාසෝ රාජ්‍යයෙන් වාර්තා වෙයි.

Read More

ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජනය සඳහා සෞදි රාජ්‍යයට ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සාව්ඩ් කුමරුට පවසයි.සෞදි අරාබියානු විදේශ අමාත්‍යවරයා සමග අද (14දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

Read More

මෙරට රෝහල් 55 ක් සදහා නව සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අද (14දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදෙනු ලැබීය.

Read More

නොර්වුඩ් ප්‍රාදේශිය බල ප්‍රදේශයේ පිහිටි සියළුම ආගමික සහ පූජනීය ස්ථානවලින් 2022 වසරේ සිට වරිපනම් බදු අය නොකිරිමට සභාවෙන් එකමතික තිරණයක් ගෙන ඇති බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පැවසිය.

Read More

අද මට අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා බොහෝ දෙනෙක් කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් ඇමති වුනාට පස්සේ තිබුණු දේත් නැති වුනා කියනවා. අපි දන්නේ නෑ ඒක ඇත්තද බොරුද කියලා. නමුත් එහෙම දෙයක් තිබෙනවා නම් බැසිල් මහත්මයෝ ඔබතුමාවත් මිනිස්සුන්ගේ චෝදනා වලින් නිදහස් වෙන්න පුලුවන් කමක් තිබෙනවා නම් 6 මාසයක්වත් ඈත් වෙලා ඉන්න. මේ මිනිස්සු කියන එක ඇත්ත නම්. අද ඔබතුමා තමයි ලොකුම අපලයක් කියලා ජනතාව කියන්නේ

Read More

සියඹලාණ්ඩුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඇතිමලේ මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැඟිල්ලක බැඳ තිබූ බඹරු වදයක් ඇවිස්සීමෙන් අද (14දා) පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60 දෙනෙකුට සහ විදුහල්පති ඇතුළු ගුරුවරුන් තිදෙනෙකුට බඹරුන් දෂ්ඨකිරීම නිසා ඇතිමලේ රෝහලට ඇතුලත්කර ඇත.

Read More

අද මේ මොහොත වන විට ඛනිජ තෙල් සංස්ථාවට පෙට්‍රල් සහ ඩිසල් රටට අවශ්‍ය ප්‍රමාණය අපි ගාව තිබෙනවා. අද විදුලිබල මණ්ඩලයට, බලාගාරවලට ඕනකරන තෙල් ප්‍රමාණයක් සපයලා තිබෙනවා.

Read More

ජනතාවට දිනෙන් දින එල්ලවන ජීවන බර හා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යෑම හේතුවෙන් ජනතාව පත්වී ඇති පීඩනයට ආණ්ඩුව වග නොකියන බැවින් ආණ්ඩුව වහාඉල්ලා අස්විය යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේපිරිසක් අද (14දා) අම්බලන්තොට නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ.

Read More

රටේ පවතින සහල් අර්බුදය නැති කිරීම සඳහා වහාම රජයේ මැදිහත්ව වී සහ සහල් වලට පාලන මිලක් නියම කළ යුතු බව ද එසේ නොකළහොත් සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මැති ඇමැතිවරු හමුවීමට පැමිණෙන බව අද (14දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දඹුල්ලේ දී පැවසීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 16දා ජාතිය ඇමතීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

නිවාස පියසි යොදාගනිමින් සූර්ය විදුලිබල උත්පාදනය විධිමත් කිරීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අදහස් කර ඇති අතරම ජාතික විදුලිබල පද්ධතියට දායක වියහැකි බලාගාර කිසිවක් මෑත භාගයේ ස්ථාපිත නොවීම හේතුවෙන් මේ වනවිට බලපා ඇති විදුලි අර්බුධය මගහරවා ගැනීම වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නවා. ඒ යටතේ කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නවා’’ යැයි විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

Read More

යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර ඉක්මනින් ගැනීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

Read More

ඉන්ධන මිල ඉහළ යාමට සාපෙක්ෂව බස් ගාස්තු ඉහළ නංවන ආකාරය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.මේ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17 සිට රුපියල් 20ක් දක්වා වැඩිකර තිබේ. අවස්ථා 350ක් යටතේ බස් ගාස්තු වැඩි කර ඇත අතර රුපියල් 1303ක්ව පැවැති ප සාමාන්‍ය සේවාවේ උපරිම ගාස්තුව රුපියල් 1498ක් දක්වා ඉහළ ගොස් තිබබේ.

Read More

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් හෝමයෝන් අලියාරි මහතා අද (14දා) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

Read More

අපි කියන වැඩපිළිවෙලේ හොඳ ලක්ෂණ පිළිගන්න සූදානම් නැත්නම් අපි නිකන් ආණ්ඩුවෙ ඉඳලා ආණ්ඩුවත් එක්ක අපිත් පිරිහෙන්න වැඩක් නැහැ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ අද(14දා) අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී පැවැති ස්වයං රැකියා ලාභින්ට උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

Read More

බදුල්ලේ ගෑස් නියෝජිත ආයතනයකින් රුපියල් එක් ලක්ෂ හැට හතර දහසක් වටිනා ගෑස් සිලින්ඩර් 14 ක් කොල්ලකා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

Read More

පනතේ 34 වගන්තිය යටතේ තක්සේරු කළ අගය රු මිලියන 3480 ක් වුවද එම මුදල මේ වන තෙක් ලැබී නොමැති බවත් රු. මිලියන 51.3 ක මුදලක් නැවේ ගින්න නිවීම සහ තෙල් විසිරීමට ප්ර තිචාර දැක්වීම සදහා පමණක් ලැබී ඇති බවත් මෙහිදී මෙහිදී හෙළි විය.

Read More

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික වෛද්‍යවරයා හා තවත් දෙදෙනෙකු ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

බලන්ගොඩ පොලිස් වසමේ මඩුගස්තලාව ප්‍රදේශයේ ඇති ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ හිමිනමක් අද (14දා) උදෑසන පිණ්ඩ පාතය සඳහා වැඩම කරමින් සිටියදී වන අලියෙකු පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා අපවත් වී ඇති බවට බලන්ගොඩ පොලිසිය පවසයි.

Read More

යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියානු ආරක්ෂක අංශ විසින් එල්ල කරන ෂෙල් ප්‍රහාර දැඩි කර තිබේ. යුක්රේනයේ තට්ටු නිවාස සංකීර්ණයකට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

විසිවැනි සංශෝධනය ගෙන ඒමෙන් පසුව වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනපති කී දෙය විශ්වාස කළත් එය ඉටු නොවුණ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

බණ්ඩාරගම ගම්මන්පිල විහාරස්ථානය ඉදිරිපිට යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් කාන්තාවක් ඇතුළු පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලීසිය පැවසීය.

Read More

ජාත්‍යන්තර දැනුම් හා සම්බන්ධකම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතායි එජාප ආණ්ඩුවක් තුළ තමයි මේ රටේ ආර්ථිකය කවදත් හැදුනේයැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.