ඒඩ්ස් රෝග පරීක්ෂාව සදහා අවශ්යනවන ක්ෂණික පරීක්ෂණ කට්ටල මෙන්ම ELISA පරීක්ෂණ සදහා අවශ්‍ය ප්‍රතික්‍රියක හිඟය හේතුවෙන්, එම රෝග පාලනය සඳහා අත්‍යාවශ්‍ය ඇතැම් වැඩසටහන් සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත්, ඇතැම් වැඩ සටහන් සීමා කිරීමට හා ප්‍රමාද කිරීමටත් සිදුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
සෞඛ්‍ය කර්යමණ්ඩලයේ වසර ගණනාවක කැපවීම මත, මවගෙන් දරුවාට HIV වෛරසය සම්ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන්ම වැලක්වූ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෞරවයට පාත්‍රා වූ රටක් වෙයි.
“එම ගෞරවය සාක්ෂාත් කර ගත් පරීක්ෂණ වැඩ සටහන සංකෝචනය කරන ලෙස මේවන විට ප්‍රා දේශීය රසායනාගාර වලට උපදෙස් ලබා දී ඇත. ඒ අනූව පළමු කාර්තුව තුල සියළු ගර්භනී මව්වරුන් සදහා සිදු කරනු ලැබූ HIV පරීක්ෂාව නතර කිරීමට සිදුව ඇත. තවද බොහෝ මර්ධන වැඩසටහන් සීමා කිරීමට සහ නතර කර දැමීමට සිදුව ඇත.
ඊට අමතරව අනෙකුත් සමාජ රෝග තහවුරු කෙරෙන මූලික පරීක්ෂාවක් වන VDRL පරීක්ෂණ සදහාද, HIV තහවුරු කිරීමේ පරීක්ෂාව සදහාද, බරපතල ප්රත්රිකියක පවතී.
කඩිනමින් අවශඔ්ය ප්‍රතික්‍රියක ලබා ගැනීමට කටයුතු නොකලහොත්, දැඩි සීමා කිරීම් මධ්‍යයේ සිදු කරමින් අප පවතින අත්‍යාවශ්‍ය පරීක්ෂණ පවා තව සති කිහිපයකින් නතර කර දැමීමට සිදුවේ.
කෙසේ නමුත් මෙලෙස ප්‍රතික්‍රියක හිඟයක් ඇති වීමට පෙර, අප වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රතික්‍රියක මිල අඩකට වඩා අඩු කරගත හැකි විකල්ප යෝජනා ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇතත්, ඒ පිළිබදව මේවන තෙක් කිසිඳු සැලකිල්ලක් දක්වා නොමැත.
යුරෝපීය ජ සඳහා අනවශ්යී ප්‍රතික්‍රියක බිලක් ගෙවීමට හැකියාවක් අප රටට නොමැති බව දැන් වත් තේරුම් ගනිමින්, ප්‍රතික්‍රියක සදහා වැයවන නාස්තිකාර වියදම පාලනය කිරීමට සෞඛය ඇමතිවරයාට හා අමාත්‍යාංශයට පෞරුෂයක් තිබිය යුතුය. එසේම රසායනාගාර සේවය, යුරෝපීය බ්‍රැන්ඩඩ් ප්‍රතික්‍රියක මාෆියාවට යට කිරීමට සෞඛය අමාත්යාංටශය ඉඩ හැර ඇති බැවින්, හදිසි අවස්ථාවකදී පවා රසායනාගාර සේවාව පවත්වා ගැනීමට ඉන්දීය ණය ආධාර භාවිතා කල නොහැකි තත්වයක් නිර්මාණය වී ඇත.” යැයි ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.