saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5639 hours ago

LATEST

ලංකාවට මීළඟ අභියෝගය සැප්තැම්බරයේ

calendar_today 2022 මාර් 15 - 20:20 remove_red_eye - 625  

ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ඉතාමත් සාර්ථකව ශ්‍රී ලංකාව මුහුණ දුන් බවත් චෝදනා වලට තර්කානුකුලව කරුණු ඉදිරිපත් කර ඒවා පැහැදිළි කරගැනීමට හැකිවූ බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ජනතාව පෝලිම්වල දුක් විදින්නේ මිනිසෙක් ඇති කළ අර්බුදයක් නිසා බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ගොඩක් වෙලාවට කැබිනට් සංශෝධනයක් ආවම නාමල්ටත් රාජ්‍ය ඇමතිකමක් හරි තව මොකක් හරි දෙනවා. අධීක්ෂණ ඇමති කියලා මොකක් හරි දෙනවා. ඒ කියන්නේ මේ සෙන්සර් එක අවුල්. මම නාමල් නම් කියනවා එපා කියලා. ජනාධිපතිතුමාගේ සෙන්සර් එක අවුල්. එතුමාට ඒ වෙනකොට දැනෙන් නෑ ආන්ඩුව බාහිර පෙනුමයි මේ සවුත්තු වෙන්නේ. ජ්‍යෙෂ්ඨ ඇමතිවරු ඉන්නවා. ඔක්කොම අධීක්ෂණය කරන්න මේ තරුණ නාමල් රාජපක්ෂ ඇමතිවරයට දෙනවා. ඒක දැන හෝ නොදන නාමල් රාජපක්ෂ ඇමතිතුමා අමාරුවේ දාන වැඩක්.

Read More

මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

Read More

රට හැදීමට සමගි ජන බලවේගයට භාර දෙන ලෙසත් ඒ සඳහා සමගි ජන බල වේගයට හැකියාවක් ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

සමගි ජන බලවේගය ගාලු මුවදොර පිටිය ඉදිරිපිට පවත්වන විරෝධය හේතුවෙන් ගාලු පාර ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

සමගි ජන බලවේගය විසින් කොළඹදී පවත්වන විරෝධතාවයේ ජන හමුව ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ. විරෝධතා රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව තිබේ.

Read More

සමගි ජන බලවේගය කොළඹ පවත්වන විරෝධතාව හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී තිබේ. එම රැළියට එක්වීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියි.

Read More

කර්මාන්ත අමාත්‍යාංශයේ හා පරිසර අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා, අදළ ආයතනික හා නෛතික රාමුව වෙනස් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (15දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More

දෙරණ 360 වැඩසටහනට ඊයේ (14දා) එක්වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර සේන මහතාගෙන් වර්තමාන ඉන්ධන මිල සම්බන්ධයෙන් විමසා සිටි විට ඔහුට ඒ සඳහා පිළිතුරු ලබාදීමට නොහැකි විය. ගෑස් මිල, ඩීසල් මිල, පෙට්‍රල් මිල සම්බන්ධයෙන් අමාත්‍යවරයාට දැනුමක් නොතිබුණි.

Read More

’’මගේ අම්මාගේ නම ලාර්බලෙස්ටියර් බව ඔබ කිසිවෙක් නොදන්නවා විය හැකියි. මම එය මගේ නමට දැමීමට සූදානම්. විවාහ වූ විට කාන්තාවට ඔවුන්ගේ නම අහිමි වෙන අදහස ගැන මට තෙරෙන්නේ නෑ.” යැයි ඔහු පවසයි.

Read More

ඩීසල් හා බොරතෙල් ආනයනය කිරිම වෙනුවෙන් දිගු කාලීන් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Read More

දෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විදුලි කප්පාදව මෙරට ආර්ථිකයේ වැදගත් ස්ථානයක් උසුලන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා සඳහා මින් ඉදිරියට ක්‍රියාත්මක නොකරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

Read More

ඔබේ දරුවන්ට අඳින්න නැති මේ වෙලාවේ අපට සිවුරු මිලදී ගන්න එපා. අටපිරිකර පවා මිලදී ගෙන පූජා කරන්න වෙහෙසෙන්න එපා. සාංඝික දානයකදී වෑංජන වර්ග දෙකකට වඩා එපා. පේරු දානයට එක වෑංජනයක් ප්‍රමාණවත්. කිරිහොද්දක්,පොල් සම්බොලයක්, ලුනු මිරිසක් වුනත් ඇති.

Read More

රුපියල පා කිරීමට ගත් තීරණයත් සමග මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු විසින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 275ක් දක්වා ඉහළ දමා තිබේ.

Read More

යුක්රේනය සමග යුද්ධ කිරීම සඳහා අවශ්‍ය සම්පත් රැසියාවට හිඟ වීම හේතුවෙන් මැයි මස මුලදී යුද්ධය අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යුක්රේන රජයේ උපදේශකයෙක් පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

රට විනාශයි - බේරගමු යන තේමාව යටතේ සමගි ජන බලවේගය අද (15දා) පවත්වන විරෝධතාවය පාගමන් දෙකකින් ආරම්භ කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව එක් පා ගමනක් පස්වරු 01ට මහජන පුස්තකාලය ඉදිරිපිටින් සහ අනෙක් පා ගමන මාලිගාවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටින් පස්වරු 01ට ආරම්භ කිරීමටත් කටයුතු යොදා ඇත.

Read More

සූම් තාක්ෂණය ඔස්සේ සතිපතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙයි. එහිදී අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න අසන අවස්ථාවේදී මාධ්‍යවේදී අසංක අතපත්තු මහතා ගෑස් පොලිමක සිටිමින් සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රශ්න යොමුකිරීමට කටයුතු කළේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත්කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා ඇතුළු ව්‍යාපරිකයන්, මහාචාර්යවරුන් ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් මේ අනුව පත්කර තිබේ.

Read More

’’දේශපාලඥයින් අසංවේදී නෑ. අමාත්‍යවරයෙක් ඉන්ධන මිල දන්නේ නැත්නම් ඒක ලැජ්ජාවට කරුණක්.අපිට ඉතාම අමාරු වගකීමක් ඉටුකිරිමට තිබෙනවා. ජනතාව පීඩා විදින එක ගැන කණගාටුවක් වේදනාවක් තියෙනවා. මමත් ඩීසල් පෝලීමේ විනාඩ් 30-40 ඉදලා තිබෙනවා. ජනතාව ගැන කනගාටුව ඉතාම උපරිමයෙන් තිබෙනවා.’’

Read More

අවම මුදලකින් දුම්රිය ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවැසුවේ අවම වශයෙන් ඩීසල් වියදමත් පියවා ගැනීමේ අරමුණින් මෙම මිල වැඩි කිරීම සිදුවන බව ඔහු පැවැසීය.

Read More

මෙරට තුළ ඉහළ යන උද්ධමනකාරී පීඩනයන් පාලනය කිරීම සඳහා දැඩි මූල්‍යන ප්‍රතිපත්ත ස්ථාවරයක් ක්‍රියාත්මක කිරීම සහ අයවැය හිඟය සඳහා මහබැංකුවේ ඍජු මූල්‍යකරණය අදියර කිහිපයකින් සිදුකිරීම කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2021 4වැනි වගන්ති සාකච්ඡාව අනුව කාර්යමණ්ඩල වාර්තාවේ නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

Read More

මේ වනවිට දුම්රිය වෘත්තීය සමිත දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වෙයි. මේ යටතේ සියළුම දුම්රිය ප්‍රමාධ වී ධාවනය වීම හෝ දුම්රිය වාර අවලංගුවීම සිදුවිය හැකි බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

නියමිත කාලයට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාල විය හැකි බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ සඳහන් කරයි.

Read More

රුසියාව වෙත සයිබර් ප්‍රහාර දියත් කිරීම සඳහා මෙම හැකර්වරුන් චීන ජාල අත්පත් කර ගැනීම ගැන බීජිං දැඩි කනස්සල්ලෙන් යුතුව කතා කළේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ චැන්ග්යොං රී මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (14දා) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා පවත්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.