විදුලි ජනනය සඳහා ප්රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම හේතුවෙන් හෙට (13දා) සහ 15වැනිදා සිට 18වැනිදා දක්වා දින පහේ සියලුම කලාපවලට පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
මේ අනුව මෙම දින පහ තුළ ‘A' සිට ‘W’ දක්වා කලාපවලට උදෑසන 9.00 සිට රාත්රී 10.00 දක්වා කාලය තුළදී වරින් වර විදුලි කප්පාදු කිරීම් සිදුකරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මීට අමතරව කොළඹ නගරයේ වාණිජ කලාපවලට උදෑසන 6.00 සිට උදෑසන 8.35 දක්වා කාලය තුළදී මෙම සෑම දිනකදීම පැය දෙකයි විනාඩි පහළොවක විදුලි කප්පාදුවක් සිදු වේ.
මීට අමතරව හෙට (14දා) සහ 19වැනිදා පැයක විදුලි කප්පාදුවක් සිදුවන අතර, මෙම විදුලි කප්පාදුව සියලුම කලාපවලට සවස 5.30 සිට රාත්රී 10.00 දක්වා කාලය සිදුවන බවත්, කොළඹ නගරයේ වාණිජ කලාපවලට උදෑසන කාලයේදී පැයක විදුලි කප්පාදු කිරීමක් සිදුකරන බවත් විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.