2022.06.14 දිනට යෙදෙන මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් රැඳවියන් 173 දෙනෙකු අධිකරණ බන්ධනාගාර කටයුතුහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශමත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දඩ දඬුවම් අහෝසි වීම හේතුවෙන් රැඳවියන් 141 දෙනෙකු හා දින 14 අඩුවීම හේතුවෙන් රැඳවියන් 32ක් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.
ඒයටතේ වැඩිම සංඛ්‍යාව වන රැඳවියන් 23 දෙනෙකු වැලි කඩ බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට නියමිත අතර සෙසු බන්ධනාගාරවන කුරුවිට, මහර, මීගමුව, වීරවිල, වාරියපොල, බෝගම්බර, අනුරාධපුර, කළුතර, කොළඹ මැගසින් බන්ධනාගාරය, තල්දෙන, වටරැක, බදුල්ල, මාතර, අඟුණකොළපැලැස්ස, යන බන්ධනාගාරවලින්ද පොළොන්නරුව, කෑගල්ල මඩකලපුව මොණරාගල, පල්ලන්සේන, වවුනියාව, යාපනය, ගාල්ල, පල්ලෙකැලේ හා ත්‍රිකුණාමලය යන බන්ධනාගාරවලින්ද රැඳවියන් නිදහස ලැබීමට නියමිතව ඇත.