රුසියානු කාන්තාවකට ලිංගික අතවර කල පුද්ගලයෙකු ඊයේ (11දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලීසිය පවසයි.
ගැලීනා කැස්නෙල්සන් නමැති 36 හැවිරිදි කාන්තාවක් එදින පස්වරුවේ කල පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකාර රුසියන් කාන්තාව මුහුදු වෙරළ ආසන්නයේ ව්‍යායාම කිරීම සඳහා යමින් සිටියදී මහ වස්කඩුව නීග්‍රෝධාරාමය අසලදී සැකකරු ලිංගික අතවර කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව,පනාපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහකයෙකු බවද පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පානදුර සුමිත් පොතුපිටිය / වාද්දුව දයා හේමන්ත සිල්වා