මෙරට මත්පැන් නිෂ්පාදකයන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන් සමඟ එකතුවී දෛනිකව රජයට අය විය යුතු රුපියල් මිලියන 400 ක පමණ බදු මුදලක් අහිමි කරන බවත් එම මුදල් දේශපාලනඥයින්, සුරාබදු නිලධාරීන්, මත්පැන් නිෂ්පාදකයන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් අතර බෙදී යන බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ සම සංවිධායක හා මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු මහතා පවසයි .
මහනුවරදී පෙරේදා (11) පැවැතිමාධ්‍ය හමුවකදී ඒ බව අවධාරණය කළ ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .
“මෙරට මත්පැන් නිෂ්පාදනාගාර වල දෛනිකවනිෂ්පාදනය වනමත්පැන්වලින් කොටසක්රජයට අය විය යුතු කිසිදු බදු මුදලක් නොගෙවාමත්පැන් කර්මාන්තශාලාවලින් පිට කරතෝරාගත් මත්පැන් අලෙවි සැල් වල අලෙවි කොට එම විශාල බදු වංචාව සිදු කරමින් සිටිනවා. මෙම මහා බදු වංචාව සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන වලට දැනුම් දුන්නත් ඔවුන් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට මැලිකමක් දක්වමින් සිටිනවා. මෙම මහා වංචාවෙන් දෛනිකව රජයට රුපියල් මිලියන 400ක පමණ පාඩුවක් සිදුවෙනවා .
මේ සම්බන්ධව වෙනමම කණ්ඩායමක් යොදවා විමර්ශනයක් සිදුකර බදු වංචා කරන පුද්ගලයින් කවුද යන්න රටට හෙළි කරන ලෙස ජනාධිපති හා අගමැතිගෙන් අපි ඉල්ලා සිටිනවා. මෙරට මත්පැන් නිෂ්පාදනාගාර වල දෛනිකව නිපදවන මත්පැන් ප්‍රමාණය සහ බදු ගෙවීම සඳහා ඔවුන් රජයට පෙන්වන ප්‍රමාණය අතර විශාල පරතරයක් පවතිනවා. සුරාබදු නිලධාරීන්ගේ සහයෝගය මත මෙම මහා බදු වංචාව වසර ගණනාවක පටන් සිදු කෙරෙමින් පවතිනවා .
සුරාබදු පනත ට අනුව මත්පැන් නිෂ්පාදනාගාර හිමි පුද්ගලයන්ට මත්පැන් සිල්ලර අලෙවි ස්ථාන පවත්වාගෙන යා නොහැකි වුවත් මෙරට මත්පැන් නිෂ්පාදකයන් ගණනාවකටම මත්පැන් සිල්ලර අලෙවි ස්ථාන තිබෙනවා. මේ හේතුවෙන් එම මත්පැන් බෝතල් නිෂ්පාදනාගාරයේ සිට අලෙවිය දක්වා ගෙවිය යුතු කිසිදු බදු මුදලක් රජයට නොලැබෙන තත්ත්වයක් උද්ගතව තිබෙනවා .
මෙරට ද්විත්ව පුරවැසිභාවයහිමි භයානකම පුද්ගලයන් සිටින්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ. ඔවුන්ගේ අඹු දරුවන් සියලු දෙනා සිටින්නේ විදේශ රටවලයි . එම රටවල ඔවුන්ට සුවිසල් නිවාස ඇතුළු දේපොළ තිබෙනවා. මේ රටෙන් හොරකම් කරගන්නාමුදල් ඔවුන් උන්ඩියල් හා හවානා වැනි ක්‍රම මගින් විදේශ රටවලට යවනවා.
රටේ ජනතාව ආහාර අර්බුදයක සිටින මේ මොහොතේ සතොස ආයතනය මගින්ජනතාවටසහන මිලට ආහාර සැපයිය යුතුව තිබුණත්සුරා බදු පනත උල්ලංඝනය කරමින් සතොස වෙළඳසැල් 500 කට මත්පැන් බලපත්‍ර ලබා දීමට සැලසුම් කොට තිබෙනවා .එම ජාවාරම පිටුපස ප්‍රබල අමාත්‍යවරයකුගේ පුතෙකු සිටිනවා”