පොළොන්නරුව කදුරුවෙල සමුපකාර ඉන්ධන පිරවුම්හලේ සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරන ලද ඉන්ධන පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙත නිසි පරිදි ලැබී නැතැයි පවසමින් පොළොන්නරුව මහ රෝහලේ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැවැන්ත විරෝධතාවක් අද (19දා) දහවල් පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට දී පැවැත්වූහ.
මෙහිදී විරෝධතාකරුවන් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වසා පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් සඳහන් කර සිටියේ සෞඛ්‍ය සේවයට වෙන්කරනු ලැබූ පෙට්‍රල් ලීටර් 6600කි න් ලීටර 2000 කට වැඩි ප්‍රමාණයකට සිදු වූ දෙයක් නොමැති බවත් මේ සඳහා එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරීත්වය සහ ඉහළ පොලිස් නිලධාරීන් වගකිව යුතු බව චෝදනා කළහ..
පොළොන්නරුව මහ රෝහලේ රාජකාරිවලින් ඉවත් වී සෞඛ්‍ය සේවකයින් දෙදහසක් පමණ මෙසේ විරෝධතාවයේ නියැලි සිටිය.
