ඉන්ධන අර්බුදය නිසා බස් ගාස්තු අධික ලෙස ඉහළ යෑමත් බස් ධාවනය අවම වීමත් හේතුවෙන් දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරු පවසති.
මෙම නිසා දුම්රිය ස්ථාන රැසක සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් සඳහන් කරයි.
කොළඹ කොටුව, මරදාන, ගම්පහ, රාගම ආදී දුම්රිය ස්ථානවල සහ උප දුම්රිය ස්ථාන රැසක මේ වන විට සාමාන්‍ය ප්‍රවේශපත් අවසන් වීම මත ගැටලු මතු වෙමින් තිබෙන බවද ස්ථානාධිපතිවරු පවසති.