මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිඳට දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිඳට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
දිවි බේරාගත් දියණිය මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ ප්රතිකාර ලබන බවද පොලීසිය කියයි. නිවසේ ඇති පශ්නවලට උරනවූ මව සිය දියණිය අද (19) උදේ ලිදට විසිකර ඇයත් ලිදට පැන සිය දිවි හානිකර ගැනීමට සූදානම්ව ඇති බව පොලීසිය කියයි.
ළිඳ තුළ සිට කුඩා දරුවකු කෑගසනු ඇහුණු චාමික ලක්ශාන් හා රොශාන් කුමාර යන පාසල් සිසුන් දෙදෙනා ළිදට පැන මේ දියණිය බේරාගත් බවද පොලීසිය කියයි. මේ සිසුන් දෙදෙනාම කරන්දෙණිය බන්දුල සේනාධීර විදුහලේ ඉහෙනුම ලබන බවද පොලීසිය කියයි.
මව සැකපිට ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත