බදුල්ල ලංගම ඩිපෝවෙන් වැඩි මිලට අලෙවිකිරීමට බාහිර පුද්ගලයෙකුට ඩීසල් ඉන්ධන ලීටර් 1040ක් නිකුත් කර තිබියදි සැකකරුවන් තිදෙනෙකු සමග අද (19දා) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
ලංගම ඩිපෝවෙන් ගිලන් රථ ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන් සදහා ඉන්ධන නිකුත් නොකර භාහිර පුද්ගලයින්ට වැඩි මිලට ඉන්ධන ලබාදෙන බවට ලැබුන තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.
කුඩා කැබි රථයකට පටවා තිබු බැරල් හා කැන් වලට ඉන්ධන නිකුත් කර එම වාහනයය කිසිදු බලපත්‍රයක් නොමැතිව ඩිපෝ භූමින් රහසිගතව එළියට මුදාහරින අවස්ථාවේදි නිළධාරින් වැටලීම සිදුකර තිබේ.
අත් අඩංගුවට ගත් කැබ් රථයේ ලීටර් 200 බැගින් වු බැරල් පහක සහ ලීටර් 20 බැගින් වු කෑන් දෙකක ඉන්ධන ගබඩා කර තිබියදි අත් අඩංගුවට ගෙන තිබේ.
ඌව පළාත් සභාව ඇතුලු රාජ්‍ය ආයතන,ගිලන් රථ, පාසල් හා පෞගලික බස් රථ,විදුලිය හා ජලය සම්බන්ධ ආයතන ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන් රුසක් ලංගම ඩිපෝවෙන් රාජකාර කටයුතු සදහා ලිඛිතව ඩීසල් ඉන්ධන ඉල්ලා සිටියත් එම ආයතන වලට නොදී ප්‍රදේශයේ කළු කඩ ව්‍යපාරිකයින්ට ඉන්ධන නිකුත් කරන බවට පාරිභෝගික සේවා අධිකාරියට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිලි රැසක් ලැබී තිබියදි වැටලීම සිදුකර තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනො සමග ඉන්ධන සහ කැබ් රථය බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
පාරිභෝගික කටයුතු සේවා අධිකාරියේ බදුල්ල කාර්යාලයේ ප්‍රධානී ශාන් යාපාරත්න මහතා ඇතුලු පිරිසක් වැටලීම සිදුකර තිබේ.
ලුණූගල ප්‍රසන්න පත්මසිරි
