ගල්කිස්ස දුම්රිය පොල ආසන්නයේ ගමන් කරමින් තිබූ දුම්රිය මගියකු අතබැඳි රුපියල් 75,000 කට අධික වටිනා බේස්ලට් එකක් කඩාගන පලා යමින් සිටි පුද්ගලයෙකු ගල්කිස්ස වෙරළ තීරයේදී ඊයේ (18දා ) වන දින ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු ( 37) ක්ද වන අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින අයෙකුද වන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට මෙලෙස සොරකමේ නියුතුව සිටින බවටත් අනාවරණයවී ඇතැයිද පොලීසිය පැවසීය.
මෙදින උදෑසන කාර්යාල දුම්රියේ ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ අත පැලැදි බේස්ලටය දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයේ නැවතීමට යන අතර වාරයේ එක වරම සැකකරු විසින් කඩා වෙරළ තීරය දෙසට පලා යමින් අයිතිකරුද ඔහු පසුපස හඹා යන අතර වාරයේ ඒ වනවිට වෙරළාරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් හඹාගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිවල එච් එම් ධර්මපාල