ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රි ලංකාවට ණයක් ලැබීමට නමේ මෙ වසර අවසානය වන තෙක් බලා සිටීමට සිදුවෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවැසිය.
මේ සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතු බවත් එය පහසු නොවන බවත් ඔහු පැවැසීය.
"අපිට පස්සේ හිටපු බංග්ලාදේශය, වියට්නාමය වගේ රටවල් ලෝකට එකතු වෙලා අපනයන හදාගෙන ඉස්සරහට යන කොට අපි මොකද කළේ අපේ රට වටේට තාප්ප ගහගෙන විශාල ලෙස බදු වැඩිකරගෙන අපි ලෝකෙත් එක්ක එකතු වෙන්න තිබුණ අවස්ථා ටික නැතිකරගෙන ලෝකෙන් අයින් වුණා කොන්වුණා. සියලුම රටවල් සමග ගහ ගත්තා.
අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගන්න මේ අවුරුද්ද අන්තිම වෙනකන් ඉන්න වෙනවා. ඊට කලින් නම් සල්ලි ලැබෙන්නේ නෑ.හෙට අනිද්දා ඒ අයගේ කාර්ය මණ්ඩලයක් එනවලු සාකච්ඡා කරන්න. හැබැයි සාකච්ඡා ඉවරවෙලා ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක අත්සන් කිරීම තව මාසෙකින් මාස දෙක හමාරකින් වේවි.
ණය ලබාගන්න නම් අයි.එම්.එෆ්. බෝඩ් එක අනුමත කරන්න ඕන ණය ගිවිසුම. ඒක කරන්න සෑහෙන වැඩ කොටසක් කරන්න සිදුවෙනවා. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වෙනස් කරන්න වෙනවා. රජයේ ආදායම වැඩි කරගන්න වෙනවා. වියදම අඩු කරන්න වෙනවා. සහනාධාර ගැන හිතන්න වෙනවා. ඔක්කොටම වැඩියෙන් ණය ප්‍රතිව්‍යුහ ගත කිරිමට යොමුවීම ගැන හිතන්න වෙනවා. ඒක ලේසි නෑ."