විදුලි සභාපතිගේ කථාව ඉන්දීය දේශපාලනයත් හොල්ලයි
මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතිය ඉන්දියාාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා කළ ප්‍රකාශය මේ වන විට ඉන්දීය දේශපාලනය තුළද දැඩි කථා බහට ලක්ව තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන ඉන්දීය කොංග්රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සංන්ධියද අතික්රමනය කර ඇති බවයි.
ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ලංවිම සභාපති කළ කථාවද සිය ට්විටර් ගිණුමෙන් හුවමාරු කරමිනි.
විදුලි සභාපතිවරයාගේ මෙම ප්‍රකාශය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ද ප්‍රතික්ෂේප කළ අතර පසුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලීමටද ලංවිම සභාපතිවරයා කටයුතු කළේය.
popular news
-
Demuni Uduwara Tuesday, 14 June 2022 07:23 PM
Rahul, not only you we too are shaken and flabbergasted!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

