වැල්ලවාය-තණමල්විල මාර්ගයේ යාලබෝව 01 කණුව අසලදී අද (13දා) උදෑසන පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැල්ලවාය ගලමොටආර පදිංචි ඩබ්ලිව්.එම් හේරත් බණ්ඩා (52) නැමති අයෙකි.
පාපැදිකරු තවත් අයෙකු පාපැදියේ තබාගෙන තණමල්විල දෙස සිට වැල්ලවායට යමින් සිටියදී පිටුපසින් පැමිණි යතුරුපැදියක් පාපැදියේ ගැටී ඇත. මෙම අනතුරෙන් පාපැදිකරු,යතුරුපැදිකරු සහ පාපැදියේ සහ යතුරුපැදියේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පාපැදිකරු මියගොස් ඇත.
සිද්ධිය පිළිබදව පොලිස් ස්ථානාධිපති ටී.එම් රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක