දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැයට කිලෝ මීටර් 196 ක වේගයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් පැදවූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.
දොඩංගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි දසනායක මහතා ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මාර්ග නීති රීති උල්ලංඝනය කරමින් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
පොලිස් නිලධාරීන් වේග මාපකය උපයෝගී කරගෙන මාතර දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ගන්නා වාහන සොයා සිදුකළ පරික්ෂාවේදී සැකකරු පැයට කිලෝමීටර් කිලෝමීටර් 196 ක බෙන්ස් මෝටර් රථය පැද වූ බවට තහවුරු වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
ඒ කොළඹ දෙසට පිහිටි සියලුම අන්තර් හුමාරු මධ්‍යස්ථාන වලට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුමාරු මධ්‍යස්ථානයෙන් පිට වීමට යාමේදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල කංකානම් ගොඩ පදිංචිකරුවෙකි. සැකකරු මතුගම අවස්ථා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.