21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇති බවත් එම සංශෝධනය ගෙන එන්නේ ජනපතිගේ වාසියට මිස අවාසියට නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දීය වියොන් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය. 22 වැනි ව්‍යවස්ථා සංශෝධය අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට එක්වන බවත් මේ පිළිබඳව පක්ෂ නායකයන් සමග සාකච්ඡා කළ බවත් ඔහු පැවැසීය.
එම සංශෝධනය අධ්‍යනය කිරීම සඳහා කාලය අවශ්‍ය බවට මීට පෙර අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබුණ බවත් 21 පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මෙන්ම ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවද ඔහු පැවැසිය.
2020 වසරේදි හෝ 2021 වසරේදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අරමුදල වෙත ගියානම් ණය නොගෙවීමේ තත්ත්වයක් ඇතිනොවනන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.