සිය සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරිමට යන සූළං බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කනගාටුවට පත්වන බව ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන අදානි සමාගම් සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි ප්‍රකාශකවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ අයෝජනය කිරීම සම්බන්ධයෙන් තම සමාගමේ අභිප්‍රාය වන්නේ ඉන්දියාවේ වටිනා අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම බවයි.
ශ්‍රි ලංකාව හා ඉන්දියාව යන රටවල් දෙක සෑම විටම බෙදාගත් හවුල්කාරිත්වයක් යටතේ කටයුතු කර ඇති බවත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් සහ අභ්‍යන්තරයේ ආමන්ත්‍රණය ඇති බවත් සමාගම දන්වා සිටියි.
මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතිය ඉන්දියවේ අදානි සමගාමට ලබාදෙන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිින් තමන් පැවැසූ බවත් ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ බලපෑම් කළ බවත් ජනපතිවරයා සඳහන් කළ බවත් විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පසුගියදා කෝප් කමිටුවේදී කළ කථාව ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද මහත් ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් විය.
කෙසේ වෙතත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර පසුව ෆර්ඩිනැන්ඩෝ මහතා එම ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව ඇතිවූ තත්ත්වයන් මත ෆර්ඩිනැන්ඩෝ මහතා ඊයේ ලංවිම සභාපතිධුරයෙන් ඉල්ලා අස්විය.