වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, තොග වෙළඳුන් හා සිල්ලර වෙළඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්වය බද්ද හඳුන්වාදීමට තීරණය කර තිබේ.
2022 අයවැය යෝජනා මගින් සමාජ ආරක්ෂණ අරමුදලක් හඳුන්වාදීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.
මෙම බද්ද සඳහා නීතිකෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනයද ලැබී තිබේ.