පූර්ණ ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවටට පැමිණීමට නියමිතව තිබේ. එක්දින තරග 5ක්, විිස්සයිි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් තරගාවලියට ඇතුළත් වෙයි.
ලිට්රෝ සමාගමේ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් පාරිභෝගිකයන්ට රු 4500 කට අලෙවි කල හැටන් කොටගල ප්‍රදේශයේ සමාගමේ අලෙවි නියෝජිතයාගේ අලෙවි නියෝජිත ධුරය අද (25දා) දින තාවකාලිකව අත්හිටවු බව එම සමාගමේ මධ්‍යම,ඌව සහ සබරගමු පලාත භාර සමාන්‍යාධිකාරි සාරංග විජේසිංහ මහතා පැවසිය.
Read Moreදකුණේ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු වන බැගියා නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු අද (25දා)ඇල්පිටිය මන්ඩකන්ද ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි.
Read Moreකොළඹ, තොටළඟ කජීමාවත්තේ නිවාස පේළියක ඇතිවූ ගින්නකින් එහි තිබූ නිවාස 21ක් ගිනි බත් වී තිබේ.
Read Moreයුක්රේන ගැටුම මධ්‍යයේ රුසියානු විරෝධී හැඟීම්, එකම මන්ත්‍රය මැතිරූ සහ එකම දෙයක් කළ බටහිර දේශපාලකයන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කුහක සුදු දත් සිනහව පිටුපස පසුගිය වසර 30 පුරා සැඟවී තිබූවක් ප්රබලව ඉස්මතු වූ අවස්ථාවක් පමණක් යැයිද හිටපු රුසියානු නායකයා අවධාරණය කළේය.
Read Moreඋතුරු කොරියාවේ සිදුකළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව මිසයිල දියත් කරමින් සිටින බව විදෙස් වර්තා පවසයි.
Read Moreයතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකුට කඩවතදී සිදුකළ වඩි තැබීමකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreයුක්රේන යුද්ධයට වැඩිපුරම වගකිව යුත්තේ කවුරුන්ද යන්න හැමෝම දන්නා බව චීනය පවසයි.
Read More2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා සදහා වන එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත.
Read Moreඑක්සත් ජනපදය සහ එහි සගයන් විසින් මේ වනවිටත් රුසියාව සමග සබඳතා කපා හරින ලෙස ගෝලීය සමාගම්වලට බලපෑම් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවිශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රී වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටී. අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත් හිටවූ බව ඇමතිවරයා පවසයි.
Read Moreඑක්සත් ජනපදය යුක්රේන සොල්දාදුවන් මත පර්යේෂණාත්මක ඖෂධ අත්හදා බලමින් සිටින බවට රුසියාව අනාවරණයක් සිදුකරයි.
Read Moreඅතුරුගිරිය දෙස සිට පාදුක්ක දෙසට ගමන් කළ ටිපර් රථයක මග හරස් කොට එහි රියදුරුට පහරදුන් සැකකරුවන් සිවු දෙනෙකු ඔවුන් පහරදීමට පැමිණි යතුරු පැදි දෙකද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreවිදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට (25දා) දිනයේ P සිට W දක්වා කලාප සඳහා පැය 06යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Read Moreජනතාව දැඩිපීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිද භාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤානරතන නාහිමියෝ පැවැසූහ .
Read Moreරුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී , එහි ආවේක්ෂණ රාජකාරී වල නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (24දා) අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreරුපියල් මිලියන 1,906 ක වියදමින් ඉදිකල බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ 08 මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද (24) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
Read Moreයුද්ධය නිමාවී වසර දහතුනකට පසුව නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශයේදී ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24දා) කල්කුඩා ප්‍රදේශයේ දී සිදු කෙරිණි.
Read Moreනගරාන්තර, හා දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු සියයට පනහකින් හා සියයට හැටකින් පමණ ඉහල දැමීමට දුම්රිය බලධාරින් කටයුතු කර තිබෙන බවත් මේ නිසා මඟි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreසංචාරකයින්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකියි. ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
Read Moreඅවලස්සන ඇමරිකානුවෙක් තියාගෙන මේ ගමන යාමට නොහැකි බවත් ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැතිකර වත්මන් උද්දච්ච පාලනය අහෝසි කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මහනුවරදී පැවසීය .
Read Moreබැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදුකර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreමුදල් ඇමතිවරයා වහාම පාර්ලිමේන්තුවට වග කියන අමාත්‍යවරයෙකු බවට පත් කළ යුතු බවත්, මෙලෙස පාර්ලිමේන්තුවට වගකීම සඳහා මුදල් අමාත්‍යවරයාට වගකීමක් තිබෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
Read Moreව්‍යාජ ලේඛන සකස් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පුද්ගයින් 47 දෙනෙකු 2017 වර්ෂයේදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 68ක ණය ලබා ගෙන ඇති බව කෝප් කමිටුවේ අවධානයට ලක් විය.
Read Moreඉදිරි සති දෙකක කාලය තුල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බවත්, හ,ර,එ,ස යන අකුරු වලින් නම් පටන් ගන්නා මන්ත්‍රීවරුන් එලෙස එක්වන මන්ත්‍රීවරුන් අතර වන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read Moreදෙහිවල ගෑස් පෝලිමේ රැඳී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය විසින් රෝගී පුද්ගලයා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත අද (24දා) රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreසිය ස්වාමිපුරුෂයා පානදුර මුහුදු වෙරලේ සිට වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන මුහුදට පැන දිවි නසා ගන්නා බව දැන්වූ බවත්, වෙරලේ තිබී ඔහුගේ පාවහන් යුගලය හමුවූ බවත් සදහන් කරමින් එක්දරු මවක් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කරන අතරතුර , අතුරුදහන්ව සිටී පුද්ගලයා නැවත නිවසට පැමිණි බව එම කාන්තාවම පොලිසියට දැනුම් දී ඇති පුවතක් පානදුර දකුණ පොලිසියෙන් වාර්තාවෙයි .
Read Moreයාපනය ඩෙල්ෆ් දූපතට සහ මන්නාරම් ඉරණතිව් මුහුදු තීරය අතරේ පිහිටි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකකට අයත් ධීවරයින් 16 දෙනෙකු ඊයේ (23දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreබඩු මිල දරාගත නොහැකි බව ආණ්ඩුව පිළිගන්නා බවත්, කෙසේ වෙතත් ආහාර සුරක්ෂිත භාවය පිළිබඳ ගැටලුවක් නොමැති බවට තමා වගකීමෙන් සඳහන් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read Moreරාත්‍රී කාලයේ අනවසරයෙන් පදවිය ජලාශයේ මසුන් අල්ලමින් සිටි සැකකාර පුද්ගලයන් පස් දෙනෙකු ,දැල් ආම්පන්න සහ ඔරු පහක් සමග අත්අඩංගුවට ගත් බව දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලය අද (24දා) පැවසීය.
Read More