ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමෙන් අනතුරුව එක් දිනක් තුළ එම ක්‍රමය භාවිත කළ වැඩිම ඉන්ධන හල් සංඛ්‍යාව ඊයේ (29දා) වාර්තා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ අනුව ඊයේ දිනයේදී එම බලපත්‍ර ක්‍රමය භාවිත කළ ඉන්ධන හල් සංඛ්‍යාව 657ක් බවද ඔහු පවසයි. මේ දක්වා ඉන්ධනහල් 962ක් මෙම ක්‍රමයට අනුගත වි ඇති බවද අමාත්‍යවරයා පවසයි.
ශ්‍රි ලංකාවේ ක්‍රියාකාරි මට්ටමේ පවතින සමස්ත ඉන්ධනහල් සංඛ්‍යාව 1190කි. එසේම මෙම ක්‍රමයට ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 4 651 911කි.
