ශ්‍රී ලංකාව බංකොලොත්වීමට ප්‍රධාන හේතුවෙක් වූයෙ චීනය විසින් ශ්‍රී ලංකාවට පාරාන්ධ ණය හා ඵලදායි නොවන ව්‍යාපෘති බව ඇමෙරිකාවේ සමන්තා පවර් කළ චෝදනාව චීනය ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකාව තුළ චීනය ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ ගිය බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයෙ ප්‍රකාශක ෂාවෝ ලිජියන් පැවැසීය.
"චීන-ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව සෑම විටම ශ්‍රී ලංකාව විසින් මෙහෙයවනු ලැබුවේ විද්‍යාත්මක සැලසුම් අනුවයි. ඒ වගේම සම්පූර්ණ සත්‍යාපනයක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැතිවයි" චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.
"චීන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ නංවා ඇති අතර ශ්‍රී ලාංකික ජනතාවට ප්රත්යක්ෂ ප්රතිලාභ ගෙන දී ඇත" යැයි ඔහු පැවැසීය. සමන්තා පවර්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ෂාඕ පැවසුවේ, "ශ්‍රී ලංකාවේ විදේශ ණය සඳහා බහුවිධ සංරචක ඇති අතර, චීනය හා සම්බන්ධ ණය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලට වඩා බෙහෙවින් අඩු පංගුවක් වෙයි." යනුවෙනි.
"ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති අඩු පොලී අනුපාත සහ දිගු කාලීන වරණීය ණය ශ්‍රී ලංකාව සඳහා චීනය සපයා තිබෙනවා" ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව වැනි බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට බරපතල ලෙස බලපා ඇති පොලී අනුපාත ඉහළ දැමීම්, ඒකපාර්ශ්වික සම්බාධක සහ දැවැන්ත උත්තේජක ප්‍රතිපත්ති ඇතුළු එක්සත් ජනපද ප්‍රතිපත්ති ලෝක ආර්ථික අර්බුදයට හේතුවක් බවද ඔහු පැවැසීය.
"එක්සත් ජනපදයේ මෑත කාලීන හදිසි පොලී අනුපාත ඉහල දැමීම් ගෝලීය ආර්ථික හා මූල්‍ය වෙලඳපොලවල් විශාල හානියක් ඇතිකර තිබෙනවා. " ඔහු සඳහන් කළේය.
"එක්සත් ජනපදයේ ඒකපාර්ශ්වික සම්බාධක සහ තීරුබදු බාධක හරහා බලශක්ති, ආහාර සහ අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යාම නරක අතට හැරී තිබෙනවා. මෙය ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය හා ආර්ථික තත්ත්වය තවදුරටත් උග්‍ර කර තිබෙනවා." ඔහු පැවසීය.