පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයට අදාළෂ අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතම් කර්නර් මහතා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් එළැමෙන 04 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා අද (29) නියෝග කළේය .
මෙම සැකකරු පොදු දේපළ පනත ප්‍රකාර වරදක් සිදුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා විශේෂඥ වෛද්‍යවරයෙකු වන අතර යුද හමුදාවේ ද සේවය කර ඇති බැවින් පැමිණිල්ල සඳහන් කරන ආකාරයට යුද හමුදාවේ ගිනි අවි පහර ගැනීමක් සිදු නොකළ බව ය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට නියම කළේය.