ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව අද (28දා) මධ්‍යම රාත්‍රි යේ සිට පාර්ලිමේන්තුවේ වාරාවසාන කර තිබේ.
පාර්ලිමේන්තුවේ මිළඟවාරය පටන් ගැනීම 2022/08/03 බවත් එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
ජනපතිවරයා මීට පෙර පක්ෂ නායකයන් වෙත දැනුම් දෙනු ලැබූවේ චාරිත්‍රානුකූළ ආරම්භයක් වෙනුවෙන් තමන් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බවයි.
පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමත් සමග පාර්ලිමේන්තු කාරක සභාද අහෝසි වෙයි.
පාර්ලිමේන්තුව නැවත ආරම්භ කරන විට ජනතිවරයා සිය ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීම සිදුවෙයි.
නව ජනතිවරයෙක් පත්වූ විට පාර්ලිමේන්තුවේ වාරවසාන කිරීම සාමාන්‍ය සම්ප්රදායයි.
